Tuesday, February 10, 2026
Follow Us
පාඩු ලබන සියලු රාජ්‍ය ආයතන පෞද්ගලික කරණය කළ යුතුයි - අමාත්‍ය විදුර වික්‍රමනායක

දීර්ඝ කාලීනව පාඩු ලබන සියලු රාජ්‍ය ආයතන පෞද්ගලික කරණය කළ යුතු බව අමාත්‍ය විදුර වික්‍රමනායක පවසනවා. කෙසේ වෙතත් එම ආයතනවල අයිතිය රජය සතුව තබා ගත යුතු බවයි අමාත්‍යවරයා සදහන් කළේ.

පාඩු ලබන රාජ්‍ය ආයතනවල ඇතැම් මාෆියාවන් ක්‍රියාත්මක බවද අමාත්‍ය විදුර වික්‍රමනායක මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ප්‍රකාශ කළා.

අමාත්‍ය විදුර වික්‍රමනායක මෙම අදහස් පල කළේ හඳපාන්ගොඩ මහා විද්‍යාලයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.

Neth