Tuesday, February 10, 2026
Follow Us
පළමු පාසල් වාරය සැප්තැම්බර් 09 වනදායින් අවසන්

2022 වර්ෂයේ පළමු පාසල් වාරය සැප්තැම්බර් 07 වනදායින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව, දෙවන පාසල් වාරය ඇරඹෙන්නේ සැප්තැම්බර් 13 වනදාය.

මේ අතර ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුලත් කිරීමේ ඉල්ලුම්පත් සැප්තැම්බර් දෙවැනිදායින් පසුව භාර නොගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

දැනට ඉදිරිපත් කර ඇති අභියාචනා හා අයදුම්පත් සම්බන්ධ කටයුතු පාසල්වල පුරප්පාඩු සහ අයදුම්කරුවන්ගේ ඉල්ලීම් අනුව සලකා බලා ඉදිරි කාලයේදී අදාල තීරණ දැනුම් දෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කළා.

Neth