Tuesday, February 10, 2026
Follow Us
යුක්‍රේනයේ සිටි ලාංකිකයින් වෛද්‍ය සිසුන් නෙමෙයි

යුක්‍රේනයේ සිටි පිරිස ගැන ඇමතිගෙන් හෙළිදරව්වක්


රුසියානු හමුදා විසින් යුක්‍රේනයේ කාර්කිව් ප්‍රදේශයේ බලහත්කාරයෙන් රඳවා ගෙන සිටි බවට පැවසෙන ශ්‍රී ලාංකිකයින් 7 දෙනා වෛද්‍ය සිසුන් නොවන බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය පවසයි.

ඔවුන් නීතිවිරෝධි ලෙස යුරෝපය බලා ගමන් කිරීමට උත්සාහ කළ පිරිසක් බව අමාත්‍යවරයා පවසයි.

(19) පෙරවරුවේ පැවති මාධ්‍යහමුවක දී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේය.

යුද ගැටුම් ආරම්භයේ දී යුකක්‍රේනයේ සිටි මෙරටට පැමිණීමට කැමැත්තෙන් සිටි සියලුම ශ්‍රී ලංකිකයින් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කළ බව ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

Aruna