Tuesday, February 10, 2026
Follow Us
ජනපති යළි දිවයිනට

උදෑසන 8.30ට කටුනායකට පැමිණෙයි


දෙවන එලිසෙබෙත් මහ රැජිනගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා එංගලන්තය බලා ගොස් සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු දූත පිරිස යළි දිවයිනට පැමිණ තිබේ.

ගුවන් තොටුපළ අප වාර්තාකරු පැවසුවේ ජනාධිපතිවරයා අද (21) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බවයි.

ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ 650 දරන ගුවන් යානයෙන් උදෑසන 08.23ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.

Aruna