නවක වදය ලබාදෙන සිසුන්ට රජයේ විභාග හෝ රාජ්‍ය ආයතනවල රැකියා කිරීමට නොහැකි වන පරිදි පවතින නීති සංශෝධනය කළ යුතු බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් පවසනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබෙනවා. රටේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව අමතමින් ජනාධිපතිවරයා එම ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතයි.
2021 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම තවත් කල් ගතවනු ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් එල් එම් ඩී ධර්මසේන පවසනවා.
උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. වැල්ලව දුම්රිය ස්ථානයේදී ඊයේ රාත්‍රියේ භාණ්ඩ ප්‍රවාහන දුම්රියේ රෝද කිහිපයක් පීලි පැනීමට ලක්වුණා.
ජනතාවට අවශ්‍යව ඇත්තේ චක්‍රලේඛ මත ක්‍රියාත්මක සැලසුම්වලට වඩා ප්‍රායෝගික විසඳුම් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. ඒ අනුව ජනතා ගැටළු හඳුනාගෙන ඒවාට විසඳුම් සැපයීම පළාත් පාලන නියෝජිතයන්ගේ මූලික වගකීම බවයි අග්‍රාමාත්‍යවරයා පැවසුවේ.
ලිට්රෝ ගෘහස්ථ ගෑස් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට නියමිතව තිබෙනවා. ඒ, ගෑස් මිල ගණනය කරන මිල සූත්‍රයට අනුවයි. ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් පැවසුවේ කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200ත් 300ත් අතර මුදලකින් අද මධ්‍යම රාත්‍රියේ සිට අඩුවනු ඇති බවයි.
Page 126 of 642