Monday, February 09, 2026
Follow Us
ඩීසල් අඩු වුණත් ගාස්තු අඩු නොවන සූත්‍රය කොමිසමත් පිළිගනී

17 සිදු කෙරුණු ඉන්ධන මිල සංශෝධනයට අනුව බස් ගාස්තු අඩු කිරීමට නොහැකි බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව ඊයේ ප්‍රකාශ කළා. එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා පැවසුවේ ඊයේ දිනයේ සිදු වූ ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් අඩුවීම මගින් බස් ගාස්තුවට ඇති වී තිබෙන බලපෑම සියයට 1.73ක් ලෙස ගණනය කර ඇති බවයි.

එය බස් ගාස්තු සංශෝධනයක් සදහා ප්‍රමාණවත් නොවන බවයි ජාතික ගමනාගමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සදහන් කළේ.

ජාතික ප්‍රතිපත්තියට අනුව බස් ගාස්තු සංශෝධනයක් කිරීමට නම් ඉන්ධන මිල වෙනස්වීම මගින් බස් ගාස්තුවට සිදු කෙරෙන බලපෑම සියයට 4ක් හෝ ඊට වැඩි විය යුතු බවයි මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ.

NEth