Monday, February 09, 2026
Follow Us
මහ කන්නය සඳහා ගොවීන්ට වගා ණය නිකුත් කිරීම අරඹයි

ඉදිරි මහ කන්නය සදහා බැංකු මගින් ගොවීන්ට වගා ණය නිකුත් කිරීමට මේ වනවිට ආරම්භ කර තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍යාංශය පැවසුවේ ඉකුත් සිකුරාදා සිට වගා ණය නිකුත් කිරීම ආරම්භ කර ඇති බවයි.

මෙවර මහ කන්නයේදී වගා කිරීමට සැලසුම් කර ඇති කුඹුරු ප්‍රමාණය හෙක්ටයාර අට ලක්‍ෂ 14,678 ක්. එම කුඹුරු ප්‍රමාණය වගා කිරීමට යෝජිත සමස්ථ කුඹුරු ප්‍රමාණයෙන් සියයට සියයක් වන බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සදහන් කළේ.

2022 - 2023 මහ කන්නය සදහා වගා ණය නිකුත් කිරීම සංකේතවත් කරමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර අතින් ගොවීන් 11 දෙනෙකු වෙත රුපියල් 50,000 බැගින් ණය නිකුත් කිරීම නෙටොල්පිටිය ගොවිජන සංවර්ධන මධ්‍යස්ථානයේදී ඉකුත් 14 වනදා සිදු කෙරුණු බවද කෘෂිකර්ම අමාත්‍යාංශය සදහන් කළා.

Neth