වහාම ක්‍රියාත්මක වන පරිදි හෙට සිට, රැකියා නියෝජිතායතන මගින්, ගෘහස්ථ හා නුපුහුණු ක්ෂේත්‍රයන්හි රැකියා සඳහා කාන්තාවන් විදේශ ගතකිරීම අත්හිටුවා තිබෙනවා. විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ සංචාරක වීසා මගින් නුපුහුණු රැකියාවන් සඳහා කාන්තාවන් යොමුවීම අත්හිටුවීමේ අරමුණින් මෙම පියවර ගත් බවයි.
The dollar-starved government paid as much as US $ 10 million as demurrage during the last six months for shipments of fuel, Daily Mirror learns .
මෙරට විද්‍යුත් වාහන භාවිතය පිළිබද මාර්ගෝපදේශ මාලාවක් සකස් කිරීමට කර්මාන්ත අමාත්‍යාංශය සැලසුම් කර තිබෙනවා.
තාවකාලිකව අත්හිටුවා තිබූ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු අද සිට සාමාන්‍ය පරිදි යළි ආරම්භ කරන බව ආගමන - විගමන දෙපාර්තමේන්තුව පවසනවා.
ආර්ථික අර්බුදය හේතුවෙන් භාණ්ඩාගාරය මගින් මුදල් නිදහස් කිරීමේ ප්‍රමාදය හේතුවෙන් විශ්‍රාමික පාරිතෝෂිකය අපේක්ෂාවෙන් විශාල පිරිසක් පොරොත්තු ලේඛනයේ සිටින බව විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.
දෙමළ ජනතාව මුහුණ දෙන ගැටලු පිටස්තර මැදිහත්වීමකින් තොරව සාමකාමීව විසඳා ගැනීම සඳහා ලබන සතියේ පැවැත්වීමට නියමිත සාකච්ඡාවට සහභාගී වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලුම දෙමළ දේශපාලන පක්ෂවලට ආරාධනා කර සිටියා.
පාසල් සිසුන් පාසල තුලදී හිංසනයට සහ ප්‍රචණ්ඩත්වයට ලක්වීමේ ප්‍රවණතාවක් මෑත කාලීනව නිරීක්ෂණය වන බව ජාතික ළමා රක්ෂක අධිකාරිය පවසනවා. එහි සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ පැවසුවේ ගුරුවරුන් විසින් පාසල් සිසුන්ට දඬුවම් ලබාදීම මෙන්ම ශිෂ්‍ය නායකයින් විසින් කුඩා දරුවන්ට දඬුවම් ලබාදීමේ සිද්ධීන් කිහිපයක් මෑත කාලීනව වාර්තා වී ඇති බවයි.
ඊජිප්තුවේ පැවති දේශගුණ විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගී වීමෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස අද දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ආපසු ශ්‍රී ලංකාවට පැමිණි බව ජනාධිපති මාධ්‍ය අංශය තහවුරු කර සිටිනවා.
ආනයනික සීනි මත පනවා තිබූ විශේෂ වෙළද භාණ්ඩ බද්ධ අඩු කිරීම හේතුවෙන් රජයට අහිමි වූ රුපියල් බිලියන 16කට අදාළ ආදායම් බදු අය කරගැනීමට සූදානම් බව වැඩ බලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
Education minister Susil Premajayantha today warned the officials to leave from their positions within the next two months and hand them over to the young generation, who can help with the system change to develop science and technology in the country.
Page 112 of 642