Sunday, February 08, 2026
Follow Us
අයි එම් එෆ් ගිවිසුම පමා වෙයිද? මුදල් රාජ්‍ය ඇමතිගෙන් පිළිතුරු

දෙසැම්බර් මාසය වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ණය ගිවිසුමකට එළඹීම සඳහා ආණ්ඩුව දැඩි උත්සහයක නිරත වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා.

ඇතැම්විට එම ගිවිසුමට එළඹීම සඳහා අපේක්ෂිත කාල සීමාවට වඩා මාසයක පමණ කාලයක් ගතවිය හැකි බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.

කෙසේවෙතත් ණය ගිවිසුමකට එළඹීමට මාස ගණනාවක් ගතවිය හැකි බවට පළවූ වාර්තා සම්බන්ධයෙන් නිශ්චිත ප්‍රකාශයක් සිදුකළ නොහැකි බව ද නෙත් නිවුස් කළ කරුණ විමසීමකදී රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

Neth