Sunday, February 08, 2026
Follow Us
ඇඳුම ගැන චක්‍රලේකය ගුරුවරුන්ට අදාළ නැහැ - රාජ්‍ය පරිපාලන ලේකම්ගෙන් ප්‍රකාශයක්

රජයේ කාර්යාල සදහා සේවයට වාර්තා කිරීමේදී පහසු ඇදුමකින් සේවයට වාර්තා කිරීමට ඉඩ ලබාදෙමින් සිය අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේඛය පාසල් ගුරුවරුන්ට අදාළ නොවන බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා.

එම අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ පැවසුවේ එම චක්‍රලේඛය වෙනත් සේවාවන් වල නිරත පිරිස්වලට අදාළ කරගත නොහැකි බවයි. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේඛය අනුව පහසු ඇදුමකින් සැරසී සේවයට වාර්තා කිරීමට ගුරුවරුන්ටද හැකි බවට ඇතැම් පාර්ශ්ව පළ කරන අදහස් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා වැඩිදුරටත් අදහස් දැක්වූයේ මෙලෙසයි.

සාරිය වෙනුවට වෙනත් ඇදුම්වලින් සැරසී ගුරුවරියන් පිරිසක් ඊයේ දිනයේ පාසල් වෙත පැමිණ තිබුණු අතර ඔවුන් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප සහ ඒ සම්බන්ධයෙන් විවිධ ප්‍රකාශ ද නිකුත් කර තිබුණා.

Neth