Sunday, September 27, 2026
Follow Us
State

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ වැඩසටහන සඳහා සුදුස්සන් හඳුනාගැනීමේ තොරතුරු සමීක්ෂණයට අදාළ දත්ත රැස් කිරීමේ කටයුතු මේ දිනවල සිදු කෙරෙන අතර එහි අවසන් දිනය මාර්තු 31 වන දා බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය දැනුම් දෙයි.

State

මාර්තු පළමුවෙනිදා සිට හයිලෙවල් මාර්ගයේ ගමන් ගන්නා සියලුම මගී ප්‍රවාහන බස් රථ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය හරහා ගමන් කිරීම අනිවාර්ය බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

State
ලෝකයේ සිදුවන ස්වභාවික ආපදා අවස්ථාවන්හිදී හමුදා සාමාජිකයන් විදේශගත කිරීමේ ඒකකයට අමතරව සෞඛ්‍යය ව්‍යසනයන්හිදී ද හමුදා කණ්ඩායම් විදේශගත කිරීමට වෙනම ඒකකයක් ස්ථාපිත කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
State

ගොවිජන සංවර්ධන පනත හා කුඹුරු ඉඩම් පනත කාලයට ඔබින පරිදි සංශෝධනය කිරීමේ අවශ්‍යතාව ජනපති පෙන්වා දෙයි.

State
වරාය ,ගුවන් තොටුපොළ හා මගී ප්‍රවාහන සේවා හා ආශ්‍රිත සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර ගැසට් නිවේදනයට අත්සන් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදයක් නිකුත් කරමින් සඳහන් කරයි.
State

ඉන්දියාවේ ආනයනය කරන බිත්තර මිලියන 2ක් රැගත් නෞකාවක් අද (25) දිවයිනට ළඟා වීමට නියමිත බව වාර්තා වෙයි.

State

ලංකා විදුලිබල මණ්ඩලය සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රතිව්‍යුහගත කිරීමට මෙතෙක් ගෙන ඇති පියවර සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඊයේ (28) විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සමග පැවැත්විණි.

State

 QR ක්‍රමය අප්‍රේල් 10 වැනිදා සිට අත්හිටුවීමට තීරණයක් ගෙන නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි.

State

ලංකා විදුලිබල මණ්ඩලයේ දීර්ඝ කාලින ජනන සැලසුම (2023-2042) සහ ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ 2022 ජනවාරි 1 වනදා සිට 2023 ජනවාරි 31 දක්වා ඉන්ධන ආනයනය පිළිබඳව සවිස්තරාත්මක වාර්තාව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඊයේ (24) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි .

State

ජාතික දායකත්ව විශ්‍රාම අරමුදල ස්ථාපිත කිරීමට අදාළ පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

State

මෙම වසරේ දී පැරෂුට් ක්‍රමයට වී වගා කිරීම ව්‍යාප්ත කරවීම සඳහා රුපියල් මිලියන 400ක් වෙන් කර තිබෙන බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

State

වසර පුරාම ශ්‍රී ලංකාව සංචාරකයන්ගේ ගමනාන්තයක් බවට පත් කරමින් සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනයට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

State

පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා දිස්ත්‍රික්ක 4ක විශේෂිත රෝහල් හා  නවීන ළමා රෝහලක් පිහිටුවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග සම්පාදනය කරන ලෙස ජනාධිපතිවරයාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් ඊ.එම්.එස්.බී.ඒකනායක මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දී තිබේ.

State

විදුලිබලය අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් පවතින අවශ්‍යතා සහ අභියෝග පිළිබඳව විදුලිබල මණ්ඩලයේ පාලක පද්ධතියේ ඉංජිනේරුවන් සමග සහ පාලන අධිකාරිය සමග හමුවක් පැවැත්විණි.

State

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස අභිනවයෙන් තේරීපත් වූ විපක්ෂය නි‍යෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් එම කාරක සභාව අද (23) ප්‍රථම වරට රැස්විය.

State

ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් ඊ.එම්.එස්.බී. ඒකනායක මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම්දී දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

State

රට තුළ පවතින පවතින අර්බුදය හමුවේ ඒ සඳහා විසඳුම් ලබාදීමට නම් උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතන මගින් ධීවර කර්මාන්තයට නවීන තාක්ෂණය හඳුන්වා දීමට පියවර ගත යුතු බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

State

පාසල් සිසුන්ට නොමිලේ නිල ඇඳුම් ලබා දීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ 2023 අධ්‍යයන වර්ෂයට අදාළ නිල ඇඳුම් බෙදාහැරීම අද (23) අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් සපුගස්කන්ද ගබඩා සංකීර්ණයේ දී පැවත්වීණ.