Saturday, February 07, 2026
Follow Us
චීන පාසල් නිල ඇඳුම් ප්‍රදානය ලැබී අවසන්

චීන රජය මගීන් 2023 පාසල් වර්ෂය සඳහා මෙරටට ලබා දිමට තිබු නිල ඇඳුම්වල අවසන් තොගය ඊයේ (08) නිල වශයෙන් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාට භාර දී තිබේ.

ඒ චීන තානාපති චී. ෂෙන්හොන්ග් (Qi Zhenghong) මහතා විසිනි.

ඒ අනුව 2023 අධ්‍යයන වර්ෂයට අදාළ පාසල් නිල ඇඳුම් ප්‍රමාණයෙන් 70%ක් ලබා දීමට එකඟත්වය පළ කර තිබූ චීන රජය එයින් 1/3ක් මින් පෙර ලබා දී තිබූ අතර ඉතිරි 2/3ක ප්‍රමාණය ද ලබා දෙමින් සම්පූර්ණ නිල ඇඳුම් ප්‍රදානය ම මේ වන විට පූර්ණ වශයෙන් ලබා දී අවසන් කර ඇත.


මෙහි දී අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ මේ වන විටත් ආරම්භ කර ඇති නිල ඇඳුම් බෙදාහැරී‍මේ කටයුතු කඩිනම් කර ඉදිරි පාසල් වාරය ආරම්භ වීමට පෙර නිල ඇඳුම් බෙදා අවසන් කිරීම රජයේ අපේක්ෂාව බව ය.
රජයේ පාසල්වල සහ රජයේ ආධාර ලබන පාසල්වල සිසු සිසුවියන් මෙන් ම පිරිවෙන්වල අධ්‍යාපනය ලබන භික්ෂූන් වහන්සේලා සඳහා මෙම නිල ඇඳුම් ප්‍රදානය කෙරේ.