Saturday, February 07, 2026
Follow Us
ඉන්ධන කෝටාව අලුත්වීමේ දිනය වෙනස් වෙයි

අද (08) සිට ක්‍රියාත්මක වන පරිදි සෑම අඟහරුවාදා මධ්‍යම රාත්‍රියකම ජාතික ඉන්ධන අවසරපත්‍ර QR කෝටාව සතිපතා අලුත්වනු ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි.

ඒ අනුව අද උදෑසන සිට සියලුම ගිණුම් අලුත් කර තිබේ.


සති අන්තයේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්ත සමාගම ක්‍රියාත්මක වීමේ දී බෙදාහැරීමේ පිරිවැය අඩු කිරීමට මෙම තීරණය ගෙන ති‌බේ.
ඒ මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ ගැන සඳහන් කරන අතර ඉන්ධන කෝටාව තවදුරටත් නොවෙනස්ව පවතිනු ඇති බව ද එහි වැඩිදුරටත් සඳහන් කරයි.