Saturday, February 07, 2026
Follow Us
කර්මාන්ත ඇමැති කරන්දෙනිය කර්මාන්ත පුරයේ ගැටලු සොයා බලයි

දකුණු පළාතේ කරන්දෙණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පිහිටා ඇති කරන්දෙනිය කර්මාන්ත පුරයේ කර්මාන්තකරුවන්ට පවතින ගැටලු පිළිබඳව සාකච්ඡා කර විසඳුම් ලබාදීමට කර්මාන්ත හා වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා කටයුතු කර තිබේ.

අක්කර 33.5ක භූමි වපසරියක පිහිටා ඇති මෙය කර්මාන්ත අමාත්‍යංශය යටතේ පවතී.

කර්මාන්ත පුරයේ නිරීක්ෂණ චාරිකාවකට ද අමාත්‍යරවයා එක්ව සිටියේය.

මෙම කර්මාන්ත පුරය තුළ වානිජ නිෂ්පාදන කටයුතු කරනු ලබන කර්මාන්ත 13 ක්, ඉදිකිරීම් කටයුතු සිදුකරනු ලබන කර්මාන්ත 3ක්, ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට නියමිත කර්මාන්ත 1ක් ලෙස පවතින අතර සේවා නියුක්තිය 1000කට ආසන්නය.