Sunday, March 29, 2026
Follow Us
State

ශ්‍රී ලංකාව තුළ යළි මුව ආවරණ පැළදීම අනිවාර්්‍ය කිරීම කෙරෙහි කිසිදු අවධානයක් යොමුව නැතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. ඒ, චීනයේ යළි හිස ඔසවමින් ඇති කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින්.

State

ලබන මාර්තු මස අග සිට ආරම්භ වන 2023 පාසැල් අධ්‍යන වර්ෂයේදී ප්‍රාථමික අංශයේ වාර විභාග නොපැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

State

සංචාරක, ආරක්ෂක සහ ක්‍රීඩා ක්ෂේත්‍රයට අදාළ තවත් භාණ්ඩ වර්ග 10ක ආනයන සීමා ඉවත් කිරීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

State

නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයේ ජනන යන්ත්‍ර තුනෙක් එක් යන්ත්‍රයක් 23 සිට වසා දැමීමට තීරණය කර තිබේ.

State

එළඹෙන නත්තල් දිනයදා දේවස්ථාන සඳහා විශේෂ ආරක්ෂාවක් සපයන බව පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පැවසුවේ දේවස්ථාන තුළට ඇතුලුවන නාදුනන පුද්ගලයින් හඳුනාගැනීමට ද විශේෂ වැඩපිළිවෙලක් සකස් කරන බවයි.

State

දේශීය ආදායම් සංශෝධන පනතේ විධිවිධාන ප්‍රකාරව ලබන වසරේ ජනවාරි මස පළමුවනදා සිට ඊට අදාළ බදු සංශෝධන ක්‍රියාත්මක වන බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසනවා.

State

වර්ෂ අවසාන සාද සම්බන්ධයෙන් සම්බන්ධයෙන් පොලිසිය විශේෂ අවධානයකින් කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

State

පාසල් හා විශ්ව විද්‍යාලවලට මත්ද්‍රව්‍ය ඇතුළුවීම වැළැක්වීම සඳහා පියවර ගැනීම සියලු දෙනාගේ වගකීමක් බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් පවසනවා.

State

විෂ මත්ද්‍රව්‍ය සහ අන්තරායකර ඖෂධ භාවිතය වැළැක්වීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබේ.

State

කොළඹදී පැවැත්වෙමින් තිබෙන මාධ්‍ය හමුවකදී විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසුවේ, පැය 10ක විදුලි කප්පාදුවක් කිරීමට සිදුවනු ඇතැයි කරන ප්‍රකාශ අසත්‍ය බවයි.

State

දිස්ත්‍රික් සහ පළාත් මට්ටමින් හරක් මස් සහ එළු මස් ප්‍රවාහනයට පනවා තිබූ තහනම ඉවත් කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.

State

කොළඹ වරාය නගර බල ප්‍රදේශය තුළ නව වාණිජ මහාධිකරණයක් ස්ථාපිත කිරීම සඳහා සාකච්ඡා පැවැත්වෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

State

කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට නවීන තාක්ෂණය භාවිතයෙන් විශිෂ්ටයන් බවට පත්විය හැකි පරිසරයක් නිර්මාණය කරන බව ජනාධිපති ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

State

දෙසැම්බර් 25 වැනිදා සියලුම හෝටල් සහ ආපනශාලාවලට මත්පැන් සැපයීමට අවසර දෙන බව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දෙයි.

State

ලංකා සතොස ආයතනය මඟින් එළැඹෙන නත්තල් උත්සවය සමය සඳහා මහජනතාවට ලබා දෙන අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 5ක මිල අඩු කර තිබේ.

State

සමාජ ආරක්ෂණ මණ්ඩලයේ සභාපති සමන් හඳරාගම මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරෙන් ඉවත් කර ඇති බව වාර්තා වේ.

State

අ.පො.ස.(සා.පෙළ) විභාගය සඳහා 2021 (2022) වර්ෂයේ දී පළමුවරට පෙනී සිට විභාගය සමත්ව 2024 වර්ෂයේ දී අ.පො.ස (උ.පෙළ) විභාගයට පෙනී සිටීමට නියමිත, ආර්ථික දුෂ්කරතා ඇති සිසුන්ට ජනාධිපති අරමුදල මගින් ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහන සඳහා අයදුම්පත් කැඳවීම දෙසැම්බර් 23 වනදායින් අවසන් කෙරේ.

State

තෙල් ගබඩා කිරීමේ පහසුකම් වෙනුවෙන් අවශ්‍ය පහසුකම් ඇති කිරීම සඳහා කොළඹ වරාය නගරයේ ඉඩම් කොටස් හතරක් ආයෝජකයන් වෙත ලබාදීමට අභිලාෂ කැඳවන බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කියයි.