2023 වසර තුළ හරිත මූල්‍ය ව්‍යාපෘති සඳහා අරමුදල් රැස් කර ගැනීම වෙනුවෙන් ශක්තිමත් මාර්ග සිතියමක් ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර තිබේ.
ආසියානු සංවර්ධන බැංකුවේ මුල්‍යාධාර යටතේ මෙරට වී වගා කරන ගොවීන් ලක්ෂ 12කට මුදල් ගිණුම්ගත කිරීමේ වැඩ පිළිවෙළ දේශපාලන පක්ෂ දෙකකට සහයෝගය දක්වන කෘෂිකර්ම ක්ෂේත්‍රයට අදාල නිලධාරින් පිරිසකගේ කඩාකප්පල්කාරී ක්‍රියාවක් බව කෘෂිකර්ම අමාත්‍යාංශයට තොරතුරු ලැබි තිබේ.
මෙම මුදල් ගොවි ගිණුම්ගත කිරීම ප්‍රමාදවීම, ගිණුම් අංක වැරදියට සඳහන් කිරීම නිසා රුපියල් මිලියන 1300ක් ආපසු ඒම, හා ඇතැම් ගොවිජන සේවා බලප්‍රදේශවලින් මෙතෙක් ගොවි ගිණුම් අංක එකක් හෝ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට නොලැබිම යන කරුණු කෘෂිකර්ම අමාත්‍යංශයේ අවධානයට යොමු විය.
ඒ අනුව මෙම කාරණා සම්බන්ධව පසු විපරම් කිරීම හා සමාලෝචනය කිරීමේ රැස්වීමක් ඊයේ (13) පස්වරුවේ කාෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශයේ දී පැවැත්විනි. එම අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුනදාස සමරසිංහ, ගොවිජන කොමසාරිස් ජනරාල් එච්. එම්. ඒ. එල්. අබේරත්න යන මහත්වරු ඇතුළු නිලධාරිහු පිරිසක් සහභාගි වූහ.
මෙරට වී වගා කරන ගොවි ජනතාවට සහන සැලසීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව විසින් රුපියල් කෝටි 800ක මුදලක් ලබා දී තිබිණි. මෙවර මහ කන්නයේ දී වී වගා කරන හෙක්ටෙයාර් එකකට රුපියල් 10,000ක් හා හෙක්ටෙයාර් දෙකකට රුපියල් 20,000ක් බැගින් මෙම මුදල් ගොවි ගිණුම්වලටම යැවීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබිනි. ඒ අනුව මේ වනවිට රුපියල් මිලියන 6500ක් ගොවි ගිණුම්වලටම යොමු කර තිබේ. නමුත් ගිණුම් අංක වැරදියට සඳහන් කිරීම නිසා ඉන් රුපියල් මිලියන 1300ක් ආපසු පැමිණියේය.
තවත් රුපියල් මිලියන 1500ක් යැවීමට නියමිත නමුත් ගොවිජන සේවා මධ්‍යස්ථානවල කටයුතු කරන කෘපනිස හා තාක්ෂණික නිලධාරින් පිරිසක් විසින් මෙතෙක් අදාල ගොවි ගිණුම් අංක ප්‍රධාන කාර්යාලයට එවා නොමැත.
මෙම සමාලෝචන රැස්වීමේ දී සදහන් කළ කරුණු අනුව කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරින් හා තාක්ෂණික නිලධාරින් පිරිසක් මෙම කඩාකප්පල්කාරී වැඩ පිළිවෙළෙහි නිරත ව ඇති බවට කෘෂිකර්ම අමාත්‍යාංශයට තොරතුරු ලැබී තිබේ. ඔවුන් දේශපාලන පක්ෂ දෙකක උපදෙස් මත මෙම කඩාකප්පල්කාරී ක්‍රියාව සිදුකර ඇති බවට දැනට ලැබී තිබෙන තොරතුරු අනුව පැහැදිළි වේ.
ඒ අනුව මෙම නිලධාරින් සම්බන්ධව වහාම විමර්ශනයක් ආරම්භ කිරීමට නිලධාරින් කණ්ඩායමක් පත් කිරීමටත්, විමර්ශන කටයුතු කඩිනම් කිරීමට පියවර ගන්නා ලෙසත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දුන්නේය.
එමෙන්ම ගොවිජන සේවා මධ්‍යස්ථානවල කටයුතු කරන එවැනි නිලධාරින් පිළිබඳව වහාම තොරතුරු එක්රැස් කරන ලෙස අමාත්‍යවරයා ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් දුන්නේය.
ගොවි ගිණුම් අංකයක්වත් නිවැරදිව සදහන් කිරීමට නොහැකි මෙන්ම රජයේ වැඩිපිළිවෙළවල් දේශපාලන වුවමනාවන් මත කඩාකප්පල් කිරීමට කටයුතු කරන රජයේ සේවකයින් පිරිසක් රාජ්‍ය සේවය තුළ කටයුතු කිරීම ඛේදජනක සිද්ධියක් යැයි ද මෙහිදී අමාත්‍යවරයා සඳහන් කළේය.
ඉදිකිරීම් කර්මාන්ත පුනර්ජීවන කමිටුව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස් විය.
මෙරට මෝටර් රථ ප්‍රවාහන ක්ෂේත්‍රයට විදුලි වාහන හඳුන්වා දීමේ සිහිනය යථාර්ථයක් බවට පත් කරන්නට අවශ්‍ය සියලු ශක්තිය ලබාදීම සඳහා රජය කටයුතු කරන බව
ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
මෙරට ධාවනය වන ත්‍රීරෝද රථ ඇතුළු වාහන විදුලියට පරිවර්තනය කිරීමේ පර්යේෂණ හා නිෂ්පාදන කටයුතු සිදුකරන වේගා ඉනෝවේටිව් ආයතන පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
ආයතනයේ නිෂ්පාදන අංශවල සිදු කෙරෙන කටයුතු සහ ඒ සඳහා දායකවන විවිධ අංශවල කාර්යභාරයන් මෙහිදී අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්විය.
මේ අවස්ථාවේදී වේගා ඉනෝවේටිව් ආයතනය මගින් විදුලියට පරිවර්තනය කරන ලද ත්‍රිරෝද රථ, යතුරුපැදි හා එම ආයතන මගින් නිර්මාණය කරන ලද සුපිරි මෝටර් රථයේ ධාවන තත්ත්වයන් පිළිබඳව ද අමාත්‍යවරයාගේ අවධානය යොමු විය.
මෙරට නවොත්පාදන වර්ධනය කිරීම සහ පර්යේෂණ පහසුකම් සංවර්ධනය කිරීමේ අරමුණින් මරදාන ට්‍රේස් ආයතන පරිශ්‍රය ස්ථාපිත කර තිබේ. එහි පිහිටා තිබෙන වේගා ඉනෝවේටිව් ආයතනය මගින් ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ඇගයීමට ලක් වූ නව නිර්මාණ රැසක් සිදුකරයි.
ෆොසිල ඉන්ධන භාවිතය අවම කිරීමේ සංකල්පය සහ ඉන්ධන පිරිවැය අධික වීම හේතුවෙන් පොදු ප්‍රවාහන සේවය සහ පෞද්ගලික ප්‍රවාහන ක්ෂේත්‍රයට විදුලි රථ වාහන හඳුන්වාදීම රජයේ ප්‍රතිපත්ති බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව මඟින් ඊට අදාළ ප්‍රමිතීන් හා නිර්ණායකයන් ඉදිරිපත් කර තිබේ.UNDP ආයතනයේ ආධාර යටතේ මෙරට ත්‍රිරෝද රථ 300ක් පරිවර්තනය කිරීමේ ව්‍යාපෘතියක් මේ වන විට ආරම්භ කර ඇත.
ඒ සඳහා සිය නිර්මාණ ඉදිරිපත් කිරීමට දේශීය නව නිර්මාණකරුවන්ට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය විසින් අවස්ථාව උදාකර දී ඇත. ත්‍රිරෝද රථ වලට අමතරව යතුරු පැදි, මෝටර් රථ, බෝට්ටු ඇතුළු වාහන රැසක් විදුලියට පරිවර්තනය කිරීමේ තාක්ෂණය ද මෙම ආයතන සතුව පවතී. දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ඉහළ ඉල්ලුමක් පවතින කර්මාන්ත ක්ෂේත්‍රයක් ලෙස වර්ධනය වන මෙම කර්මාන්තයට අවශ්‍ය පහසුකම් සලසා දීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව සතුව පවතින ඌන උපයෝජිත ඉඩම් හා වත්කම් යොදා ගැනීමට අවශ්‍ය කැබිනට් අනුමැතිය ලබාදීම සඳහා විෂය භාර අමාත්‍යවරයා ලෙස කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙන බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
මෙතෙක් මාකුඹුර දුම්රිය ස්ථානයෙන් පමණක් ක්‍රියාත්මක වූ කැලණි මිටියාවතේ දුම්රිය ආසන වෙන් කරවා ගැනීමේ පහසුකම නුගේගොඩ දුම්රිය ස්ථානයේ දී ද ලබාදීම ඊයේ (14) නිල වශයෙන් ආරම්භ විය.
අද (13) ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියේ සිදු වූ බිඳවැටීම හේතුවෙන් භාර ගන්නා ලද අයදුම්පත්‍ර සඳහා බලත්‍ර නිකුත් කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුව කණගාටුව පළ කර සිටි.
රටේ පාරිභෝජනයට අවශ්‍ය සම්පූර්ණ වියළි මිරිස් ප්‍රමාණයම 2025 වනවිට අප රටේම නිපදවා ගැනීමේ වැඩපිළිවෙළ මේ වනවිට කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ආරම්භ කර තිබේ.
දිවයින පුරා මාර්ග ඉදිකිරීමේ ව්‍යාපෘති 7000ක පමණ වැඩ අතරමඟ නතරව ඇති බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
අද (16) සිට විදුලි කප්පාදුවක් සිදු නොවන බවත් ඒ අනුව අඛණ්ඩව විදුලි සැපයුම ලබාදීමට කටයුතු කරන බවත් විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
විදුලිබිල ඉහළ දැමීම සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිෂන් සභාව සහ ලංකා විදුලි බල මණ්ඩලය අතර ඊයේ (13) පැවති සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන් වූ බව ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් ජාතික සභාවට අද (14) පාර්ලිමේන්තුවේදී දැනුම් දුන්නේය.
මෙම වසරේ දී දේශීය වියළි මිරිස් නිෂ්පාදනය සියයට 25කින් ඉහළ නැංවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතියේ නිලධාරින්ට උපදෙස් දුන්නේය.
අඩු ආදායම්ලාභීන් විදුලිබිලට සහනයක් ලබාදීමට කටයුතු කරන ලෙස ලෙස ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාට සහ අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
එළඹෙන 2024 වර්ෂයේ සිට 6 ශේණියේ සිට 13 දක්වා වූ සියලු ශ්‍රේණිවල විෂයමාලා යාවත්කාලීන කර 8 ශ්‍රේණියේ දී කෘත්‍රීම බුද්ධි විෂය ඉගැන්වීම ඇරඹීමට මේ වන විට අදාළ සාකච්ඡා සිදු කෙරෙමින් පවතින බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
Page 85 of 637