Friday, February 06, 2026
Follow Us
විශේෂ බස් සේවාවක්

වෙසක් සතිය වෙනුවෙන් දිවයින පුරා පැවැත්වෙන සියලු වෙසක් කලාප ආවරණය වන පරිදි සහ විශේෂ පුජනීය ස්ථාන ආවරණය වන පරිදි විශේෂ බස් රථ සේවාවක් අද සිට ක්‍රියාත්මක කිරීමට ලංකා ගමනා ගමන මණ්ඩලය පියවර ගෙන තිබේ.

මෙම වෙසක් සතිය තුළ උදෑසන 6.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා මෙම ප්‍රවාහන සේවාව ක්‍රියාත්මක කිරීමටයි පියවර ගෙන තිබෙන්නේ .

මේ අතර වෙසක් පොහොය නිමිත්තෙන් විශේෂ දුම්රිය කිහිපයක් ද ධාවනයට එක් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැළසුම් කර තිබේ.

ඊට සමගාමීව විශේෂ දුම්රිය සේවාවක් ද ක්‍රියාත්මක කර තිබේ.