Friday, February 06, 2026
Follow Us
රත්නපුරයට නව බස් රථ

රත්නපුර දිස්ත්‍රික්කයේ ඩිපෝ 05ක්‌ වෙනුවෙන් නව බස් රථ 23ක්‌ බෙදාදීම ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රත්නපුර නව නගරයේ දී සිදු කෙරිණි.

75වැනි නිදහස් සමරුවට සමගාමීව, මෙරට ග්‍රාමීය මාර්ගවල පොදු ප්‍රවාහන පහසුකම් ඉහළ නැංවීම උදෙසා ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලංකා ගමනාගමන මණ්ඩලය වෙත නව බස් රථ 500ක්‌ ලබාදීමේ වැඩසටහන යටතේ මෙම බස්රථ ලබාදීම සිදු විය.