Tuesday, April 21, 2026
Follow Us
දෙවන පාසල්වාරය අදින් ඇරඹෙයි

2026 වර්ෂයේ රජයේ හා රජයේ අනුමත පෞද්ගලික, සිංහල හා දෙමළ පාසල්වල දෙවන පාසල් වාරය අදින් (20) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. 

ඒ අනුව අදින් ආරම්භ වන දෙවන පාසල් වාරය ජුලි 24 සිකුරාදා තෙක් ක්‍රියාත්මක වේ.

මුස්ලිම් පාසල්වල පළමු පාසල්වාරයේ සිව්වන අදියර ද අදින් ආරම්භ වේ.