Tuesday, April 21, 2026
Follow Us
නිල්වලා ගඟේ ලවණ බාධකය නිසා  සිදු වූ හානි සඳහා වන්දි ගෙවීම කඩිනම් කෙරේ

මාතර දිස්ත්‍රික්කයේ පානීය ජලයට කරදිය එකතු වීම වැළැක්වීම සඳහා ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය විසින් 2019 වර්ෂයේ නිල්වලා ගඟ ආශ්‍රිතව ඉදි කළ ලවණ බාධකය හේතුවෙන් වී වගාවට සිදු වූ හානි සලකා වත්මන් රජය යටතේ 2026 අයවැය මඟින් රු. මිලියන 1200ක මූල්‍ය ප්‍රතිපාදන  මෙම වගා හානි වෙනුවෙන් ගෙවීම සඳහා වෙන් කර තිබේ. 

ඒ් අනුව 2019  යල කන්නයේ සිට සිට 2022 යල කන්නය  දක්වා අනුයාත කන්න 7ක් සඳහා වන්දි ගෙවීමට රජය තීරණය කර ඇත.

මෙහිදී මාතර දිස්ත්‍රික් ලේකම්, මාතර ගොවිජන සංවර්ධන කොමසාරිස්, මාතර දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ, මහජන නියෝජිතයින්, අමාත්‍යාංශ  නිලධාරීන්, හා මාතර ගොවි නියෝජිතයින්ගේ නිර්දේශ, යෝජනා හා අදහස්   පිළිබඳව ද අවධානය යොමුකර මාතර දිස්ත්‍රික්කයේ  ලවණ බාධකය හේතුවෙන් වී වගා බිම්වලට ඒ ඒ කන්නවලදී සිදුවූ  හානි පිළිබඳව ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත හානි වාර්තා කර ඇති  ගොවින් සඳහා මෙම වන්දි මුදල් කඩිනමින් ලබා දීමට නියමිත බව කෘෂිකාර්මික සහ ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කරයි.