දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය උප ජනාධිපති ශ්‍රී සී. පී. රාධක්‍රිෂ්ණන් මහතා අද (20) ශ්‍රී ලංකාවේ නුවරඑළිය, රාගල, ලිඩ්ල්ස්ඩේල් වතුයායේ ඉන්දියානු නිවාස ව්‍යාපෘතිය (III අදියර) යටතේ ඉදිකරන ලද නිවාස නැරඹීමට ගොස් තිබේ.
ඉන්දියානු නිවාස ව්‍යාපෘතියේ සිව්වන අදියර යටතේ තවත් නිවාස 10,000 ක් ලබා දෙන බව ද ඉන්දියා උප ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.
මේ අතර උප ජනාධිපති ශ්‍රී.ඩී.සී. රාධා ක්‍රිෂ්ණන් මහතා අද (20) නුවරඑළිය සීතා අම්මන් කෝවිල වැදපුදා ගැනීමට එක්ව ඇත.