ජපානයට රික්ටර් මාපකයේ 8ක් හෝ ඊට වැඩි ප්‍රබලත්වයකින් යුත් දැවැන්ත භූකම්පනයක් ඇතිවීමේ අවදානමක් ගැන එරට රජය විසින් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙන බව වාර්තා වෙයි.
ජපානයේ උතුරු ප්‍රදේශයට අද (20) බලපෑ රික්ටර් මාපක 7.7ක ප්‍රබලවයෙන් යුත් භූකම්පනයෙන් අනතුරුව මෙම අනතුරු ඇගවීම සිදු කර තිබේ.
මෙම භූචලනත් සමග පළමු සුනාමි රළ පහර ජපානයේ නැගෙනහිර වෙරළට ළඟා වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.