Tuesday, February 24, 2026
Follow Us
ශ්‍රී ලංකා ගැමා මධ්‍යස්ථානයේ ප්‍රවිකිරණ ධාරිතාව පුළුල් කිරීමට අවධානය
විද්යා හා තාක්ෂණ අමාත්යාංශය යටතේ ක්රියාත්මක වන ශ්රී ලංකා පරමාණු බලශක්ති මණ්ඩලයට අයත් ශ්රී ලංකා ගැමා මධ්යස්ථානයේ ප්රවිකිරණ ධාරිතාව පුළුල් කිරීමට අමාත්යාංශයේ අවධානය යොමු වී තිබේ.

 

ඒ පිළිබඳව නිරීක්ෂණය කිරීම සඳහා විද්යා හා තාක්ෂණ අමාත්ය මහාචාර්ය ක්රිෂාන්ත අබේසේන මහතා ඇතුළු අමාත්යාංශ නිලධාරීන් පසුගිය දින බියගම අපනයන සැකසුම් කලාපයේ ස්ථාපිත කර ඇති, එම මධ්යස්ථානයේ චාරිකාවකට එක් විය. මෙම චාරිකාවේ දී අමාත්යවරයා ඇතුළු පිරිස ගැමා මධ්යස්ථානයේ වත්මන් තත්ත්වය සහ දැනට ක්රියාත්මක කරන, ගැමා ප්රවිකිරණ සේවාවන් දීර්ඝව නිරීක්ෂණය කරමින් නිලධාරීන් සමඟ විශේෂ සාකච්ඡාවක නිරත විය.
 
බහු කාර්ය ප්රවිකිරණ මධ්යස්ථානයක් ලෙස මේ වන විට කොබොල්ට් 60 සමස්ථානිකය භාවිතයෙන් නවීන උපකරණ හා ක්රම වේදයන් යොදා ගනිමින්, වෛද්ය, ඖෂධ, ආහාර හා කෘෂිකාර්මික ක්ෂේත්ර වලට තත්ත්වයෙන් උසස්, ලාභදායී ප්රවිකිරණ සේවාවන් මෙම මධ්යස්ථානයෙන් ලබා දෙනු ලබයි. ඉදිරියේ දී රටටත් ආයතනයටත් ඉහල ආර්ථික ප්රතිලාභ හිමිවන පරිදි, දේශීය සහ විදේශීය පාරිභෝගිකයන්ගේ වර්තමාන හා අනාගත අවශ්යතාවයන් තෘප්තිමත් කළ හැකි ලෙස ආයතනයේ ධාරිතාව පුළුල් කිරීමේ වැදගත්කම පිළිබඳව අමාත්යවරයා විසින් මෙහි දී අවධාරණය කරණ ලදි.
 
ඒ වෙනුවෙන් විද්යා හා තාක්ෂණ අමාත්යාංශයේ සහ ශ්රී ලංකා පරමාණු බලශක්ති මණ්ඩලයේ මූලිකත්වයෙන්, සෞඛ්ය හා ජනමාධ්ය, වෙළඳ හා පාරිභෝගික සහ මුදල් ආදී අමාත්යාංශ සමඟ සහයෝගීතා වැඩපිළිවෙළක් සැකසීම සඳහා අවශ්ය පියවර ගැනීමට නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදි.
 
මෙම අවස්ථාවට විද්යා හා තාක්ෂණ අමාත්යාංශයේ ලේකම් මොහොමඩ් නවවි, අධ්යක්ෂ ජනරාල් (පර්යේෂණ) ගීතානි කුරුප්පුආරච්චි, අධ්යක්ෂ (පර්යේෂණ) බුද්ධිකා ද සිල්වා, ශ්රී ලංකා පරමාණු බලශක්ති මණ්ඩලයේ අධ්යක්ෂ ජනරාල් (වැ.බ.) චම්පා දිසානායක යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.