Tuesday, February 24, 2026
Follow Us
තමන් ඉපදුණ රටේ තමන්ටම කියලා බිම් අඟලක් නැහැයි කියලා තිබුණ ප්‍රශ්නය අදින් ඉවරයි - ඇමැති ලාල්කාන්ත
පොහොසත් රටක් - ලස්සන ජීවිතයක් රජයේ ප්රතිපත්තිය යටතේ ක්රියාත්මක වන හිමිකම නිදහස් දීමනා පත්ර ලබාදීමේ අවස්ථාව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ (23) මිහිකත මැදුරේදී පැවැත්විණ. මෙහිදී කොළඹ දිස්ත්රික්කයේ ජනතාව වෙනුවෙන් හිමිකම නිදහස් දීමනා පත්ර ප්රදානය කෙරිණි.
මෙම අවස්ථාවට එක්වෙමින් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්ය කේ.ඩී. ලාල්කාන්ත මහතා අදහස් පළ කළේය.

තමන්ටම කියලා ඉඩමක් නැති වුණාම ඒක ලොකු මානසික පීඩාවක්. ඉඩම බැංකුවට තියලා ණයක් ගන්න බැහැ. දරුවෙකුට පවරන්න බැහැ. හරියට ඉදි කිරීමක් කරන්න බැහැ. අද අපි නිදහස් දීමනා පත් ඉඩම්වලට සින්නක්කර ඔප්පු ලබා නොදී රජය සතුව ඉඩම් තබා ගැනීම අපරාධයක්. එයින් ආර්ථික කටයුතු දියුණු වෙන්නේ නැහැ. අපිට ඕනේ මේ රට සංවර්ධනය කරන්න. ඒකයි අපි මේ කටයුතු ඉක්මනින් සිදු කරන්නේ. තමන්ට ඉඩම ලැබුණාම කිසි තැනක් හිස්ව තියන්න එපා. ආර්ථික ප්