Monday, February 23, 2026
Follow Us
ජාත්‍යන්තර යුද නෞකා නිරීක්‍ෂණ අවස්ථාවට නාවික හමුදාධිපතිවරයා එක්වෙයි
ඉන්දීයානු නාවික හමුදාව විසින් සංවිධාන කරන ලද ජාත්යන්තර යුද නෞකා නිරීක්ෂණ - 2026, සහ MILAN - 26 බහුපාර්ශ්වික නාවික අභ්යාසය ඉන්දියාවේ විසාකාපට්නම් වරාය ආශ්රිත නැගෙනහිර ඉන්දීය මුහුදු තීරය කේන්ද්ර කර ගනිමින්, 2026 පෙබරවාරි මස 18 වැනි දින සිට 26 වැනි දින දක්වා පැවැත්වේ.
 
2026 පෙබරවාරි මස 18 වන දින නැගෙනහිර ඉන්දීය මුහුදු ප්රදේශයේ දී පැවති මෙම බහුපාර්ශ්වික නාවික අභ්යාසයේ ප්රමුඛ අංගයක් වන ජාත්යන්තර යුද නෞකා නිරීක්ෂණය සඳහා ශ්රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් ශ්රී ලංකා නාවික නෞකා සාගර සහ නන්දිමිත්ර නෞකා ද්විත්වය ද එක්විය.
 
තව ද, එම අවස්ථාව සඳහා ඉන්දීය නාවික හමුදා ප්රධානී අද්මිරාල් Dinesh K Tripathi ගේ ආරාධනයෙන් ශ්රී ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ මහතා සහභාගී වු අතර, කලාපීය හා ගෝලීය රාජ්යයන් නියෝජනය කරමින් පැමිණි යුද නෞකා නිරීක්ෂණය ඉන්දීය ගරු ජනාධිපතිනිය විසින් සිදුකෙරිණි.
 
‘සමුද්රීය ඒකාබද්ධතාවය’ (United Through Oceans) යන තේමාව යටතේ පැවති ජාත්යන්තර යුද නෞකා නිරීක්ෂණය සහ "සුහදත්වය, එකමුතුකම සහ සහයෝගීතාවය” (Camaraderie Cohesion Collaboration) යන තේමාව යටතේ පැවැත්වෙන MILAN - 26 බහුපාර්ශික නාවික අභ්යාසය සඳහා ශ්රී ලංකා නාවික හමුදා සහභාගිත්වය මඟින්, අනෙකුත් රාජ්යයන් සහ ආයතන සමඟ අන්යෝන්ය අවබෝධයෙන් යුතුව සහයෝගීතාවය වර්ධනය කර ගැනීම තුළින් සමුද්රීය අභිලාශයන් සහ අභියෝග ජයගැනීම සඳහා ශ්රී ලංකාවේ කැපවීම පිළිබිඹු කෙරිණි.
 
එමෙන්ම, මෙවැනි ජාත්යන්තර සමුද්රීය සහ නාවික අභ්යාසයන් නියෝජනය කිරිම තුළින් අනෙකුත් සමුද්රීය පාර්ශ්වකරුවන් සමඟ ඇති අන්යෝන්ය සහයෝගීත්වය හා අන්තර්ක්රියාකාරීත්වය වර්ධනය වන අතර, සමුද්රීය ආරක්ෂාව වෙනුවෙන් සාමූහික ප්රවේශයකින් කටයුතු කිරීමේදී අවශ්ය සමුද්රීය මෙහෙයුම් සම්බන්ධ නව දැනුම, උපාය මාර්ගික ක්රමෝපායන් හා අත්දැකීම් හුවමාරු කර ගැනීම වැනි ප්රතිලාභ රැසක් හිමිකර ගැනීමට ශ්රී ලංකා නාවික හමුදාවට අවස්ථාව හිමිවනු ඇත.
 
තව ද, මෙම අවස්ථාව සඳහා සහභාගී වු ශ්රී ලංකා නාවික හමුදාධිපති, කලාපීය හා ගෝලීය රාජ්යන් වෙතින් පැම්ණි රාජ්යතාන්ත්රික නියොජතයන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා සඳහා සහභාගී වු අතර, ශ්රී ලංකාවේ සමුද්රීය ආරක්ෂාව සහ ස්ථාවරත්වය සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු පිළිබඳව උපාය මාර්ගික මට්ටමේ අදහස් හුවමාරු කර ගැනීමක් එහි දී සිදුකෙරිණ.