2025 දෙසැම්බර් මාසයේ දී 2.9% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2026 ජනවාරි මාසය සඳහා 2.4%ක් දක්වා අඩු වී ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
2026 ජනවාරි මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව උද්ධමනය අනුව මෙය ප්‍රකාශයට පත් කර තිබේ.
2025 දෙසැම්බර් මාසයේ දී 4.4% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2026 ජනවාරි මාසයේ දී 3.4% ක් දක්වා අඩු වී ඇත.
එමෙන්ම, 2025 දෙසැම්බර් මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්‍ෂ්‍යමය) 1.6% ක් ලෙස පැවති අතර,2026 ජනවාරි මාසය සඳහා ද එම අගය 1.6% ක් ලෙස නොවෙනස්ව පවතින බව ජන හා සංඛ්‍යා දෙපාර්තුමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවේ සඳහන් වේ.