ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමෙන් ඇති වූ ‘මොන්තා’ සුළි කුණාටුව හෙට (28) දිනයේ චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු හඟවයි.
එම සුළි කුණාටුව ආන්ද්‍රා ප්‍රදේශ් වෙරළ තීරය හරහා ගොඩබිම දෙසට ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව ද වාර්තා වෙයි.
මේ තත්ත්වය හේතුවෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, උතුර, උතුරු-මැද, වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් පැ.කි.මී. 50-60ක් පමණ විටින් විට හමන තද සුළං ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව තද සුළං පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.