The Government Medical Officers' Association (GMOA) requested all political and religious leaders not to gain political advantages out of Covid-19 vaccine and experiment.
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 ඇතුළදී පීඩන අවපාතයක් බවට පත්වීම නිසා එම සුළි කුණාටුව හෙට (24 වැනිදා) මෙරටට බලපාන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
රස හෝ ගඳ සුවද නොදැනෙන්නේ නම් කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි සැක කළ හැකි බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරනවා.
වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා පොලිස්පති ලෙස ලෙස පත් කිරීමට පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය හිමිව තිබේ.
බොහෝ කාලයක් තිස්සේ පාසල් විවෘත කිරීම සඳහා කටයුතු සූදානම් කෙරුණු බවත් පාසල්වලට සිසුන් එවීමට දෙමව්පියන් විසින් අනියත බියක් ඇතිකරගත යුතු නැති බවත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ප්‍රකාශ කරයි.
කොරෝනා වෛරසය මර්දනය කිරීම සදහා යම් එන්නතක් නිර්දේශ කලහොත් එම එන්නත් ලක්‍ෂ 42 ක් පළමුව මෙරටට ලබාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානය එකඟ වී තිබෙනවා. රජයේ ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය ප‍්‍රසන්න ගුණසේන නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවේ ඒ සදහා අවශ්‍ය මූලික කටයුතු මේ වනවිටත් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සකසා ඇති බවයි.
බන්ධනාගාර කොරෝනා පොකුරෙන් වාර්තා වන පළමු මරණය වැලිකඩ බන්ධනාගාරයෙන් වාර්තා වනවා. මෙලෙස මියගොස් ඇත්තේ වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි 82 හැවිරිදි රැඳවියෙක්. පිලිකා රෝගයකින් පෙළී ඇති එම රැඳවියා වැලිකඩ බන්ධනාගාර රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියා.
The Committee on Public Enterprises (COPE) held in Parliament last Friday disclosed that the construction of the Central Expressway has been surrounded by several irregularities.
රාමඤ්ඤ මහා නිකායේ නව මහනාහිමියන් ලෙස අතිපූජ්‍ය මකුලෑවේ විමල හිමියන් පත්කර තිබෙනවා. ඒ, පල්ලෙකැලේ මධ්‍යම පළාත් සභා ශ්‍රවණාගාරයේදී අද උදෑසන පැවති රාමඤ්ඤ මහ නිකායේ කාරක සංඝ සභා රැස්වීමේදියි.
දඹුල්ල ප්‍රධාන තැපැල් කාර්යාලය අද (23) සිට තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ.
සිසුන් පාසල් වෙත එවීමට අනියත බියක් ඇති නොකර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය දෙම්පියන්ගෙන් ඉල්ලා සිටිනවා. එහි ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පැවසුවේ බස්නාහිර පළාතේ සහ හුදෙකලා කර ඇති ප‍්‍රදේශවල හැර අනෙකුත් ප‍්‍රදේශවල හෙට සිට පාසල් විවෘත කරනුයේ් සැලසුම් සහගතව ගත් තීරණයකට අනුව බවයි. ඊට කොරෝනා මර්දන කාර්ය සාධක බලකායේ සහ සෞඛ්‍ය අංශවලවල උපදෙස් ද ලැබුණු බවයි අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා සදහන් කළේ.
මෙරට කොවිඩ් ආසාදිතයන් 20,000 සීමාවට ආසන්නවී තිබේ. ඊයේ දිනයේ මෙරටින් හඳුනාගත් නව ආසාදිතයන් 491 දෙනාත් සමග සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 19,771 දක්වා ඉහල ගොස් තිබේ.
කැමැති අයට වයස අවුරුදු 60 වනතුරු නොසිට අවුරුදු 55 න් විශ්‍රාම ගැනීමට අවස්ථාව ලබාදෙනවාද යන්න සම්බන්ධයෙන් ඉදිරියේදී සාකච්ඡා කරන බව කම්කරු කොමසාරිස් ජෙනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති ‘අරුණ’ ට ප්‍රකාශ කළේය.
කුරුණෑගල ප්‍රදේශයේ තැපැල් අධිකාරී කාර්යාලයේ සහ කුරුණෑගල ප්‍රධන තැපැල් කාර්යාලයේ තැපැල් සේවකයන් 14දෙනෙකු කොවිඩ් ආසාදිත බව හඳුනාගෙන තිබේ.
Nine individuals succumbed to the Covid-19 yesterday reporting the highest number deaths recorded within a day and raising the death toll to 83.
කොවිඩ්19 වෛරසය ආසාදනය හේතුවෙන් මිය යන පුද්ගලයන්ගේ දේහයන් ආදාහනය කරන්නේද භූමිදානය කරන්නේද යන කාරනය සම්බන්ධයෙන් පැන නැගී ඇති පැනයට විසඳුම් සෙවීමට පත් කළ කමිටුවේ තීන්දුව එන තෙක් කොවිඩ්19 වෛරසය ආසාදනයෙන් මිය යන පුද්ගලයන්ගේ සිරුරු ආදාහනය කළ යුතු යැයි එම කමිටුව නිර්දේශ කර ඇති බව වාර්තා වේ.
A total of 40 office trains services will operate from tomorrow morning under health guidelines, the Railways Department said.
More stranded Sri Lankans returned from the Middle East today, the National Operations Centre for the Prevention of the COVID-19 (NOCPC) said.
Page 523 of 764