පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් ඇතුළු පොලිස් නිලධාරින් 17දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
විනාඩි 12ක් වැනි කෙටි කාලයක් තුළ දී කොවිඩ් ආසාදිතයෙක් හඳුනාගත හැකි නවතම ක්‍රමවේදයක් හඳුන්වා දී තිබේ.
කොස්ගොඩ පොලිසියේ 60කට ආසන්න නිලධාරීන් ප්‍රමාණයක් හබරාදුව නිරෝධායන මධ්‍යස්ථානය වෙත ඊයේ (25 වැනිදා) නිරෝධායන කටයුතු සඳහා යොමු කොට ඇත.
පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය ආශ්‍රිතයන්ට කළ පී.සී.ආර්. පරීක්ෂණවලට ඉදිරිපත් නොවීම සහ නිරෝධායන මධ්‍යස්ථාන වෙත නොයෑම ප්‍රතික්ෂේප කළ 18 දෙනකුට වැඩි පිරිසක් මාළු වෙළෙඳ සංකීර්ණය අසල පිහිටි අපවිත්‍ර ජලය පිරි ඇළ මාර්ගයට පැන එගොඩට පීනා පලා ගොස් ඇත.
බොරැල්ලේ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප‍්‍රතිකාර ලබන ළමුන් 07 දෙනෙකුට සහ මව්වරුන් 03දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. ඔවුන් පෑලියගොඩ මත්ස්‍ය වෙළදපොලට සම්බන්ධ ආශී‍්‍රතයින් බවයි රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය පී විජේසූරිය නෙත් නිවුස් වෙත ප‍්‍රකාශ කළේ.
කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ ආසාදිතයින් දෙදෙනෙකු හමුවීමත් සමග හැටන් හි කොටගල වෙළෙදසැල් සියල්ල වසා දමා තිබේ.
පුත්තලම දුම්රිය මාර්ගයේ සහ කැළණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ගමන් වාර 06 ක් අද සිට ධාවනයට එක් කර තිබෙනවා.
නව කොරෝනා වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 280 දෙනෙක් වාර්තා වී ඇත. ඔවුන්ගෙන් 15 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වලින්ද තවත් 265 දෙනෙකු මිනුවන්ගොඩ සහ පෑලියගොඩ ආශ්‍රිතයින් බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.
හම්බන්තොට ධීවර වරායේ ධීවරයින් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට PCR පරීක්ෂණ මගින් තහවුරු වී තිබේ.
දෙදින නිල සංචාරයක් සඳහා අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ අද දිවයිනට පැමිණෙනවා.
පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල හරහා මේ වනවිට රටේ ප්‍රදේශ රැසකට කොවිඩ් 19 වෛරසය ව්‍යාප්ත වී තිබෙනවා. මේ නිසා මාළු තොග වෙළඳපල රැසක් මෙන්ම සාමාන්‍ය මාලු වෙළඳසැල් රැසක් ද වසා තමා තිබෙනවා.
උසස් පෙළ සිසුන්ට වෙන්කළ දුම්රිය හැර, ප‍්‍රධාන මාර්ගයේ, පුත්තලම මාර්ගයේ, කැළණි වැලි මාර්ගයේ සියලූම කාර්යාල දුම්රිය සහ සියලූම මගී දුම්රියන් අද සිට අවලංගු කර තිබෙනවා.
The Government Medical Officers’ Association (GMOA) yesterday handed over a comprehensive COVID-19 exit strategy plan to President Gotabaya Rajapaksa, to control the current pandemic situation in the country.
වෛද්‍ය පර්‌යේෂණායතනයේ නිෂ්පාදනය කළ ‘වයිරල් ට්‍රාන්ස්පෝට් මීඩියා කට්ටල’ (ආසාදනය වී ඇති කොරෝනා වයිරසය සොබ් එකක් ආධාරයෙන් පිටතට ගෙන වතුර වැනි ද්‍රාවණයක් පුරවන ලද ටියුබය දමා ප්‍රවාහනය කිරීමට ගන්නා උපකරණ) නිෂ්පාදනය මුළුමනින්ම ඇනහිට ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි. ‘වයිරල් ට්‍රාන්ස්පෝට් මීඩියා’ කට්ටල පසුගිය පෙබරවාරි මාසයේ දී ලෝකයේ කිසිදු රටකින් ලබා ගැනීමට නොහැකි වූ බැවින් එය වෛද්‍ය පර්‌යේෂණායතනයේ නිෂ්පාදනය කළ අතර සෞඛ්‍ය අමාත්‍යාංශය එක් කට්ටලයක් සඳහා වැය කළේ රුපියල් 350ක මුදලකි. එහෙත් ඒ සඳහා ප්‍රතිපාදන ලබා නොදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කරයි.
ප්‍රතිපාදන වෙන් නොකර එම කට්ටල විදේශයන්ගෙන් ආනයනය කිරීමට
ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ආරාධනයෙන්, ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මයිකල් ආර්. පොම්පියෝ මහතා 2020 ඔක්තෝබර් 27 හා 28 දිනවලදී ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නියැලීමට නියමිතය.
රට තුළ මේ වන පවතින කොවිඩ්-19 ව්‍යාප්තිය සලකා බලා අධි අවදානම් කලාප 28ක් ප්‍රකාශයට පත් කර ඇති බවට තොරතුරු වාර්තා වේ.
වෛද්‍ය පර්‌යේෂණායතන (MRI) පරිශ්‍රයේ පවත්වාගෙන යන ළය රෝග සායනයට කොවිඩ් ආසාදිතයකු ඊයේ (25 වැනිදා) දිනයේදී පැමිණ ඇති අතර, ඔහුගේ ආශ්‍රිතයන් පස්දෙනකු නිරෝධායනයට යොමුකර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආරංචිමාර්ග සඳහන් කරයි.
With the recovery of 89 COVID-19 infected people, the number of recoveries has increased to 3,803, the Epidemiology Unit of the Health Ministry said.
Page 515 of 740