වෙළදපොලේ ඉහල ගොස් ඇති සහල් මිල ලබන ජනවාරි මස මැද භාගයවන තෙක් පවතිනු ඇතැයි සහල් මෝල් හිමියන් පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ වෙළදපොලේ සහල් හිගය මිල ඉහල යාමට ප‍්‍රධාන හේතුව බවයි. මහා පරිමාණ මෝල් හිමියන් අවශ්‍ය තරම් වී තොග මුදා නොහැරීම වෙළදපොලේ සහල් හිගයට හේතුව බව සමස්ථ ලංකා සුලූ හා මධ්‍ය පරිමාන සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති වී.කේ. රංජිත් ප‍්‍රකාශ කළා.
Anyone who is serving quarantine process found violating the rules and regulations, the courts could impose a three-year rigorous imprisonment and a fine, if found guilty, police said.
5 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ සුදුසුකම් ලැබූ සිසුන්ට පාසල් ලබාදීමේ වැඩපිළිවෙළ මාර්ගගත ක්‍රමයට-සිසු තොරතුරු, පද්ධතියට එක් කිරීම අද (10) සිට ඇරඹෙයි.
බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ ජීවත් වන විසි දහසෙන් තුනෙන් දෙකකට පමණ මේ වන විට කොවිඩ් ආසාදනය වී ඇති බවට දැනට සිදු කර ඇති පී.සී.ආර්. පරීක්ෂණවලින් තහවුරු වී ඇතැයි බණ්ඩාරගම මැදගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්.යූ. මධුෂාන් පැවසීය.
විදෙස් රටවල සිට මෙරටට පැමිණි 69 දෙනෙකු ඊයේ (10) කොවිඩ් 19 වෛරස් ආසාදිතයින් වශයෙන් හඳුනාගෙන තිබේ.
කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා නිෂ්පාදනය කළ හෙළ ඔසුවට පේටන්ට් බලපත්‍රය ලබාගැනීමට කටයුතු කරන බව දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා ප්‍රකාශ කර සිටී
කොරෝනා වසංගත තත්වය හමුවේ ගාල්ල තැපල් කාර්යාලය අද (11) දහවල් සිට නැවත දැනුම් දෙන තුරු වසා දැමිමට තින්දු කළ බව දකුණු පළාත් භාර නියෝජ්‍ය තැපල්පති ටි.එල්.එම්.එස් මෙන්ඩිස් මහත්මිය ප්‍රකාශ කර සිටිනවා.
මිනුවන්ගොඩ සහ පෑලියගොඩ ආශ්‍රිතව ආරම්භවූ කොවිඩ් 19 දෙවෙනි රැල්ල ගම්පහ දිස්ත්‍රික්කයේ යම් පාලනයකට ලක්ව ඇති බව (09) පැවැති සාකච්ඡාවකදී හෙළිවිය.
The Government Medical Officers’ Association (GMOA) said that they have agreed with the statement made by Health Minister Pavithra Wanniarachchi over the Ayurvedic syrup that claims to cure COVID-19.
කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 95000කට අධික ප්‍රමාණයක් ගෘහස්ත නිරෝධායනයට ලක් කර ඇතැයි පොලීසිය පවසයි.
සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ උපදෙස් පරිදි කොවිඩ්-19 පරීක්ෂණ පිළිබද තොරතුරු කඩිනමින් නිවැරදිව රැස් කිරීමටත්, සාම්පල වාර්තා ක්ෂණිකව සාම්පල ලබාදුන් පිරිසට සහ වගකිවයුතු සෞඛ්‍ය නිලධාරීන් වෙත ලබා දී ක්ෂණික ප්‍රතිචාර දැක්වීමටත් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පැය 24 පුරාම ක්‍රියාත්මක “සුපරික්ෂා” නමින් නව ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගයක් හදුන්වා දී ඇත.
මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේවනවිට 30,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ඒ, ඊයේ දිනයේදී මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 694 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. එලෙස හඳුනා ගැනුණු කොරෝනා ආසාදිතයින් සියලූදෙනා පෑලියගොඩ කොරෝනා පොකුරට සහ බන්ධනාගාර කොරෝනා පොකුරට අයත්.
මෙරටින් වාර්තා වන සමස්ත කොවිඞ් නයින්ටීන් ආසාදිතයින් ගණන 30,613ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, ඊයේ දිනයේ නව ආසාදිතතතයින් 538 දෙනෙකු හඳුනාගැනීමත් සමගයි. එයින් ආසාදිතයින් 304ක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත‍්‍රික්කයෙන්. ඒ අතරින්ද 254 දෙනෙකු වන වැඩිම පිරිස බොරැල්ලෙන් වාර්තා වී තිබීම විශේෂත්වයක්. මට්ටක්කුලියෙන් ආසාදිතයින් 11 දෙනෙකු වාර්තා වී තිබෙනවා. කොළඹ දිස්ති‍්‍රක්කයේ වෙනත් කිසිදු ප‍්‍රදේශයකින් අලූතින් ආසාදිතයින් 05 දෙනෙකු හෝ වාර්තා නොවීම කැපීපෙනන සිද්ධියක්.
The Presidential Commission of Inquiry (PCoI) probing Easter Sunday attacks yesterday observed that there were certain instances where Sri Lankan Muslims who go to Saudi Arabia were brainwashed by some Islamic preachers.
මෙරට ජනතාව අතර පාපැදි භාවිතය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ‘සුව දිවියට පාපැදිය’ විද්වත් එකමුතුව විසින් හෙට (11 වැනිදා) සිට ආරම්භ කිරීමට අපේක්ෂා කරන ‘අථත්‍ය පාපැදි ගමන’ (Virtual Bicycle Ride) සඳහා එක්වන මෙන් ඔවුන් ශ්‍රී ලංකාවාසීන්ගෙන් ඉල්ලා සිටී.
දෙසැම්බර් මාසය තුළද නුවරඑළිය ප‍්‍රදේශයේ සංචාරය නොකරන ලෙසට දිස්ති‍්‍රක් ලේකම් රෝහණ පුෂ්පකුමාර ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. මේ වනවිට නුවරඑළිය දිස්ති‍්‍රක්කයෙන් කොරෝනා ආසාදිත පුද්ගලයන් 250 කට ආසන්න සංඛ්‍යාවක් හදුනා ගෙන ඇති බවයි දිස්ති‍්‍රක් ලේකම්වරයා නෙත් නිවුස් වෙත කියාසිටියා.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ රියැදුරෙකුට කොවිඩ් 19 රෝගය වැළඳී ඇති බව තහවුරු වෙයි.
වැලිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයේ ගම්මාන 06කට දැඩි සංචරණ සීමා පැනවීමට කටයුතු කර තිබේ.
Page 514 of 764