Saturday, February 21, 2026
Follow Us
හිඟ විදුලි බිල්පත් වෙනුවෙන් සහන කාලයක්

සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වී සිටින හෝටල්වල හිඟ විදුලි බිල්පත් සම්බන්ධයෙන් විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකරන ලෙස විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා දැනුම් දී තිබේ.

මේ සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ ජ්‍යේෂ්ඨ නිළධාරීන්ට උපදෙස් දී ඇත.

ඒ අනුව සහන කාලසීමාව තවදුරටත් දීර්ඝ කරමින්, 2021 දෙසැම්බර් මස 31 දින දක්වා වසරක සහන කාලසීමාවක් දී තිබේ.

(Aruna)