කොවිඩ් වසංගතය හමුවේ පීඩා විදින පුද්ගලයන්ගේ මානසික තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණින් සෞන්දර්යාත්මක වැඩසටහනක් අද සිට ආරම්භ වනවා.
මෙරටින් ඊයේ දිනයේදී කොරෝනා ආසාදිතයින් 2, 842 දෙදෙනෙකු හඳුනා ගැනුණා. ඒ අනුව මේ දක්වා මෙරටින් හඳුනාගෙන ඇති සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන හාරලක්ෂ 80, 478 ක්. ඒ අතරින් හාරලක්ෂ 9, 628 දෙනෙකු මේවනවිටත් පූර්ණ සුවය ලබා තිබෙනවා. මෙරට තුළ මේවනවිට සක්රීයව සිටින කොරෝනා ආසාදිතයින් සංඛ්යාව 59, 855 ක්.
ශ්රී ලංකා කණ්ඩායම සමග කොළඹ ආර් ප්රේමදාස ක්රීඩාංගනයේ පැවැති පළමු 20 යි 20 ක්රිකට් තරගය ලකුණු 28 කින් ජය ගැනීමට සංචාරක දකුණු අප්රිකානු කණ්ඩායම ඊයේ සමත්වුණා.
ඉදිරියේදී සහල් හිගයක් ඇතිවීමේ අවදානමක් ඇතැයි සහල්මෝල් හිමියන් අනතුරු අගවනවා. ඒ, ගොවීන් රජයේ පාලන මිලට වී ලබාදීමට අකමැත්ත ප්රකාශ කිරීම හේතුවෙන්. සහල් මෝල් හිමියන් පවසන්නේ වී තොග නොලැබීම හේතුවෙන් ඉදිරියේදී පාලන මිලට සහල් ලබාදීමට නොහැකි වනු ඇති බවයි.
After investigating the prevalence of different SARS-CoV-2 variants in different provinces in Sri Lanka, University of Sri Jayewardenepura (USJ) researchers found out the Delta variant was responsible for 95.8% of Covid-19 infections in Sri Lanka.
The present lockdown will be of no use if public movement are properly curtailed, Public Health Inspectors Union (PHIU) claimed.
අත්යවශ්ය නොවන භාණ්ඩ ආනයනය සදහා පනවා ඇති දැඩි සීමා හේතුවෙන් ඉදිරියේදී එම භාණ්ඩවල මිල ඉහළ යනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයින් අනුමාන කරනවා. ඔවුන් පෙන්වා දෙන්නේ දැනටමත් අදාළ භාණ්ඩ රැසක් මෙරටට ගෙන්වා ඇති බැවින් ඒවායේ මිල වැඩි කිරීමට ආනයනකරුවන් කටයුතු කරනු ඇති බවයි.
ශාන් වික්රමසිංහගේ දියණිය ඉෂිනි වික්රමසිංහ මහත්මිය ජාතික සත්වෝද්යාන දෙපාර්තුමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දුන් බව වනජීවී ඇමති විමලවීර දිසානායක මහතා පවසයි.
දෛනික ආදායම අහිමි වූ පුද්ගලයන්ට රුපියල් දෙදහසේ දීමනාව බෙදාදීම වැඩපිළිවෙල හරහා ග්රාම නිලධාරීන්ට කොරෝනා වෛරසය ආසාදනයවීමේ ඉහළයාමක් දක්නට ලැබෙන බව ශ්රී ලංකා එක්සත් ග්රාම නිලධාරී සංගමය පවසනවා. එහි සභාපති ඩබ්ලිව් ජී කමල් කිත්සිරි පැවසුවේ සිය සාමාජිකයින් 500 දෙනෙකුට පමණ මේ වනවිට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි.
සංචාරක දකුණු අප්රිකානු කණ්ඩායම සහ ශ්රී ලංකා කණ්ඩායම අතර පන්දුවාර විස්සයි විස්ස ක්රිකට් තරගාවලිය අද ආරම්භ වනවා.
Page 388 of 769