Sunday, March 01, 2026
Follow Us
වී සඳහා රජයේ සහතික මිල වැඩි කරන්නැයි ගොවීන්ගෙන් ඉල්ලීම්

වී කිලෝවක නිෂ්පාදන පිරිවැය රුපියල් 50 ඉක්මවා ඇති බව සමස්ථ ලංකා ගොවිජන සම්මේලනය පවසනවා.

එබැවින් වී සදහා රජය විසින් නියම කර ඇති සහතික මිල ප්‍රමාණවත් නොවන බවයි එම සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පැවසුවේ.

ආණ්ඩුව නියම කර ඇති මිලට වඩා වැඩි මිලක් වෙළදපොලේ පවතින බවද සමස්ථ ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායකවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා.

(Neth)