Sunday, March 01, 2026
Follow Us
දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2300 මට්ටම දක්වා පහළට ...

ඊයේ (15) දිනය තුළ මෙරටින් හඳුනාගත් මුළු කොවිඩ් ආසාදිතයින් ගණන 2314ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

එම සංඛ්‍යාව සහ සැප්තැම්බර් 6 - 14 දක්වා දින නවයක් තුළ ප්‍රමාද වී ලැබුණු දත්ත එක් කළ පසුව මෙරටින් මෙතෙක් හඳුනාගත් සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 469423ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කෙසේවෙතත් ගතවූ සති තුනක පමණ කාලය තුළ දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ක්‍රමිකව අඩුවෙමින් පවතින බව පෙනේ.

(LNW)