ගෑස් මිල ඉහළ දැමිය යුතු මුදල සම්බන්ධයෙන් මෙරට ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සමාගම් දෙක මේ වනවිට වෙන වෙනම සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.
ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී අනතුරට පත්ව ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ අඩංගුව තිබූ අහිතකර රසායනික ද්‍රව්‍ය පිළිබඳ මේ වන විට සම්පූර්ණ වාර්තාවක් ලැබී තිබෙනවා. සිදුකළ පරීක්ෂණයකදී අනාවරණයවී ඇත්තේ අන්තරායකර අපද්‍රව්‍ය අඩංගු කන්ටේනර් 81 ක් එහි තිබී ඇති බවයි. නයිටි්‍රක් අම්ලය සහ කෝස්ටික් සෝඩා වැනි රසායනික ද්‍රව්‍ය ද අඩංගුව තිබූ එම කන්ටේනර් විනාශ වී ඇති බවයි හෙළි කරගෙන ඇත්තේ.
පාන්පිටි සහ ගෑස් මිල ඉහළ ගියහොත් එය සෘජුවම බේකරිවල නිෂ්පාදන කටයුතු සඳහා බලපාන බව ආපන ශාලා හිමියන් පවසනවා. එසේ වුවහොත් පාන්පිටි ආශ්‍රිත නිෂ්පාදනවල මිලද ඉහළ දැමීමට සිදුවන බවයි වාර්තා වන්නේ.
ඊයේ (09) දිනය තුළ මෙරටින් හඳුනාගත් මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 726ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
කොවිඩ් වසංගතය හේතුවෙන් මෙරටට පැමිණි විදෙස් ශ්‍රමිකයින් බොහොමයක් යළි විදෙස් රැකියා සඳහා පිටත්වීමේ ඉහළ ප්‍රවණතාවක් දක්නට ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.
රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙනිය මහතා ඇතුළු එම සංගමයේ නිළධාරීන්ට වාරණ නියෝග දෙකක් නිකුත් කර තිබෙනවා. වෛද්‍ය චමල් සංජීව මහතා විසින් ගොනුකර ඇති නඩුවක් කැඳවූ අවස්ථාවේදී මොරටුව දිසා අධිකරණය මෙම නියෝග දෙක නිකුත් කර තිබේ.
එන්නත ලබානොගත් අයට දැනුම්දීමක්
කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (09) දිනයේ ද ස්ථාන කිහිපයකම එම වැඩසටහන් ක්‍රියාත්මක වේ.
එය සෞඛ්‍ය අංශවල උපදෙස් මත එම වැඩසටහන් සිදුකෙරෙනු ඇත.
ඒ අනුව මධ්‍යස්ථාන 169කදි කොවිඩ් එන්නත ලබාගත හැකි වේ.
http://www.health.gov.lk/moh_final/english/news_read_more.php?id=977
(Aruna)
භානුක රාජලපක්ෂ සහ චාමික කරුණාරත්නගේ ප්‍රවේගකාරී පිති හරඹය හේතුවෙන් ඕමාන කණ්ඩායම සමග පැවති දෙවන විස්සයි විස්ස තරගයෙන් කඩුලු 05ක ජයක් වාර්තා කිරීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ රාත්‍රීයේ සමත් වුණා.
ගුරු විදුහල්පති වර්ජනය හේතුවෙන් නතර වී ඇති පාසල් සිසු දරුවන්ගේ අධ්‍යාපනය සුරක්ෂිත කරන ලෙස බලකරමින් ඔන්ලයින් හරහා පෙත්සමක් අත්සන් කිරීම ආරම්භ කර තිබෙනවා. ඒ, සිසු අධ්‍යාපන අයිතීන් උදෙසා දෙමව්පියෝ එකමුතුව විසින්. එහි කැඳවුම්කරු කේ ඒ නිරෝෂන ප්‍රනාන්දු පැවසුවේ එම පෙත්සම ඉදිරියේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දෙන බවයි.
ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා පොලිස් මූලස්ථානය වෙත පැමිණිල්ලක් ලැබී තිබෙනවා. අපේ ජන බල පක්ෂය විසින් මෙම පැමිණිල්ල ගොනු කර ඇත.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු සහ උතුරුමැද පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඉදිරියේදීත් වෙළඳපොළ තුළ ආනයනික කිරිපිටි හිඟයක් මතුවීමේ අවධානමක ලකුණු පහළ වී තිබෙනවා. ඊට ද හේතුවී ඇත්තේ ඩොලර් හිඟයයි. දින 90 කට වඩා වැඩි කාලයක් මෙරටට ගෙන්වූ කිරිපිටි ටොන් ගණනක් තවමත් වරායේ සිරවී තිබෙනවා. ඒවා මුදා ගැනීම සඳහා මහ බැංකුව විසින් මේ වනවිටත් අවශ්‍ය ඩොලර් ලබා දීමටයි කටයුතු කර ඇත්තේ.
Page 354 of 749