Wednesday, March 04, 2026
Follow Us
මෙරටින් හමු වූ දුර්ලභ ගණයේ කෝටි 100ක මැණික

ශ්‍රී ලංකාවෙන් හමුවූ විශාලතම මැණිකක්


ඉතා දුර්ලභ ගණයේ Natural Phenakite වර්ගයේ මැණික් ගලක් මෙරටින් හමුවී තිබේ.

එම මැණික් ගල මේ වනවිට බේරුවල ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙකු වන මොහොමඩ් පස්රීන් නසීර් මහතා සතුව පවතින අතර එම මැණික ඔහු බලංගොඩ ප්‍රදේශයෙන් මිලදී ගෙන ඇත.

මෙම මැණික් ගල ශ්‍රී ලංකාවෙන් මෙතෙක් හමුවූ විශාලතම Phenakite මැණික බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසයි.

එහි බර කැරට් 616.90ක් වන අතර එහි මිල රුපියල් කෝටි 100ක් පමණ වන බව එම ව්‍යාපාරිකයා පවසන අතර මේ සම්බන්ධයෙන් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය දැනුවත් කිරීමෙන් අනතුරුව ඒ සඳහා ඔහුට සහතිකයක් ද නිකුත් කර තිබේ.

මෙම මැණික් වර්ගය ඉතා දුර්ලභ බැවින් එය අධික මිලකින් යුක්ත වන බවත් කෞතුක වශයෙන් මැණික් එකතු කරන්නන් විසින් මෙවැනි මැණික් ගල් වැඩි මිලකට මිලදී ගනු ලබන බවත් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ මහතා පැවසීය.

(Aruna)