Friday, May 01, 2026
Follow Us
මෙරට ගුරුවරුන්ට සී ෂෙල්ස් යන්න අවස්ථාවක්

සී ෂෙල්ස්හි පාසල්වල ගණිතය සහ විද්‍යාව ඉගැන්වීමට ලංකාවෙන් ගුරුවරුන් ඉල්ලයි


සී ෂෙල්ස්හි පාසල්වල ගණිතය සහ විද්‍යාව ඉගැන්වීම සඳහා සුදුසුකම් සහිත ගුරුවරුන් දාහත් දෙනකු තෝරා දෙන ලෙස විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇත.

මෙම ඉල්ලීම කර ඇත්තේ මෙරට විදේශ අමාත්‍යාංශය විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍යාංශයට කර තිබෙන දැනුම් දීම අනුවය.

මෙරට ගුරුවරුන් දාහත් දෙනකු සඳහා පුරප්පාඩු පවතින බව ශ්‍රී ලංකාවේ සී ෂෙල්ස් කොන්සල් කාර්යාලය විදේශ අමාත්‍යාංශයට දැනුම් දී ඇත්තේ ඉකුත් ඔක්තෝබර් මාසයේදීය.
ගණිත විෂය සඳහා පුරප්පාඩු හතක් ද විද්‍යා විෂය සඳහා පුරප්පාඩු දහයක් ද පවතින බව එම දැනුම් දීමේ ලිපියේ සඳහන් වෙයි.

(Aruna)