අක්‍රීය තත්වයේ පැවති පුත්තලම ආණමඩුව, උප්පලවත්ත මහ වැවේ සොරරොව් දොර අලුත්වැඩියා කර නැවත ක්‍රියාකාරී තත්වයට පත් කිරීම සඳහා නාවික හමුදා කිමිදුම් සහාය ලබාදීමට පසුගිය දා නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
අක්‍රීය තත්වයේ පැවති පුත්තලම ආණමඩුව, උප්පලවත්ත මහ වැවේ සොරරොව් දොර අලුත්වැඩියා කර නැවත ක්‍රියාකාරී තත්වයට පත් කිරීම සඳහා නාවික හමුදා කිමිදුම් සහාය ලබාදීමට පසුගිය දා නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් 1990 සුවසැරිය පදනමට නව සභාපතිවරයෙක් සහ කළමනාකරණ මණ්ඩල සාමාජිකයෝ පත් කරනු ලැබ ඇත.
මොරටුව විශ්වවිද්‍යාලයට අනුබද්ධ වෛද්‍ය පීඨයේ මේ විට වර්ෂ හතරකට අදාළ වෛද්‍ය සිසුන් 400කට ආසන්න ප්‍රමාණයක් අධ්‍යයන කටයුතුවල නිරත වන අතර එහි සිව්වන වසරේ අධ්‍යයන කටයුතු සිදුකරන වෛද්‍ය සිසුන් මෙම වසර මැද භාගයේ දී අනිවාර්යෙන්ම මහාචාර්ය පුහුණුව සඳහා යොමුකළ යුතු බව අනාවරණය වී ඇතත් ඒ සඳහා මෙතෙක් නිශ්චිත සැලසුම් සම්පූර්ණ නොවීම ගැටලුවක්ව පැවතුණි.
සැලසුමකින් තොරව, රජයේ රෝහල්වල ධාරිතාවයට සහ අවශ්‍යතාවයන්ට නොගැළපෙන භෞතික සම්පත් ලබාදීම මත රෝහල්වලට මෙන්ම අමාත්‍යාංශයට ද විවිධ ගැටලු මතුවීම් සහ චෝදනා එල්ලවීම් සිදුවන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
දෙස් විදෙස් සංචාරකයින්ට සීගිරිය ප්‍රදේශයේදී මුහුණ දෙන ගැටලු විසඳීම සඳහා අවශ්‍ය පියවර ගැනීම වෙනුවෙන් වන සාකච්ඡාවක් ඊයේ (03) විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයේදී පැවැත්විණි.
කම්කරු අමාත්‍යංශය සිය සේවාවන් කාර්යක්ෂම කිරීම වෙනුවෙන් 0707227877 දරන whatsapp අංකය හඳුන්වා දී තිබේ.
පැවති මහමැතිවරණයට අදාළව ආදායම් වියදම් වාර්තා නොදුන් අපේක්ෂකයන් 1042 දෙනකුටත් පක්ෂ ලේකම්වරුන්, ස්වාධීන කණ්ඩායම් 197 දෙනකුටත් එරෙහිව පැවැත්වෙන විමර්ශන උද්ධෘතයන් ලබන 31 වැනිදාට ප්‍රථම නීතිපති උපදෙස් සඳහා යොමු කරන ලෙස සියලු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන් හා කොට්ඨාස භාර නිලධාරීන් වෙත වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා දැනුම් දී තිබේ.
මෙතෙක් කලක් මුද්‍රණයට ප්‍රමාදවීම හේතුවෙන් ආයතනය තුළ එක් රැස් වී තිබෙන රියැදුරු බලපත්‍ර 130,000ක් මාසයක් ඇතුලත මුද්‍රණය කර නිකුත් කරන බව ප්‍රවාහන, මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන මහතා පැවසීය.
බන්ධනාගාර තුළ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පාතාලය සම්බන්ධ කටයුතු මැඬ පැවැත්වීමට පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
තෛපොංගල් උත්සවය, නිදහස් උත්සවය සහ සති අන්ත නිවාඩු වෙනුවෙන් 2024 ජනවාරි සහ පෙබරවාරි මාසවල විශේෂ දුම්රිය කාලසටහනක් ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය විසින් නිකුත් කර තිබේ.
එම නිවේදනය පහත දැක්වේ.

රාජ්‍ය සේවකයින් ලෙස ලබා දුන් ප්‍රතිඥාව අනුව කටයුතු කරමින් 2025 වර්ෂය ජනතා බලාපොරොත්තු ඉටු කරන වසරක් බවට පත් කර යුතු බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
ආර්ථික අර්බුදයෙන් ඇතිවූ අහිතකර ප්‍රතිඵල හේතුවෙන් ළමුන්ගේ අධ්‍යාපනය කෙරෙහි සැළකිය යුතු සෘණාත්මක බලපෑමක් සිදු වී ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මඟින් සිදු කරන ලද “Household Survey on Impact of Economic Crisis – 2023” දත්ත සමීක්ෂණ අනුව අනාවරණය වී තිබේ.
රජය විසින් ක්‍රියාත්මක ‘Clean Sri Lanka’ වැඩසටහන පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් ඇතුළු ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ ඇති අනෙකුත් ආයතන ප්‍රධානීන් සමඟ ජනවාරි 07 දින අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
In a significant move towards promoting road safety under the ‘Clean Sri Lanka’ program initiated by President Anura Kumara Dissanayake, the Sri Lanka Police unveiled the e-Traffic mobile application yesterday at the Police Headquarters. The app was officially launched by the Acting Inspector General of Police (IGP) Priyantha Weerasooriya.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් 2024 වසරේ 'වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා' සම්මානය සඳහා ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග සහ කුසල් මෙන්ඩිස් නිර්දේශ කර ඇති බව වාර්තා වෙයි.
සබරගමුව මහ සමන් දේවාලයේ බස්නායක නිලමේ පත්වීම සිදු කළේ, පනතට අනුව බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්.පී.රත්නායක මහතා පැවසීය.
වකුගඩු රෝගීන්ට ලබා දෙන දීමනාව දෙසැම්බර් මාසයෙන් පසු කප්පාදු කරන බවට දන්වමින් පුවත්පත්වල පළ වූ වාර්තාව සම්පූර්ණ අසත්‍ය බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.
වනඅලි ගම්වැදීම පාලනය කිරීමට අනුරාධපුර , මහවිලච්චිය කොට්ඨාශයේ ග්‍රාම නිලධාරි වසම් කිහිපයක මුර කුටි 12ක් ඉදිකිරිමට පියවර ගෙන තිබේ.
Page 35 of 725
