මහජනයා ඇතර පාපාදි භාවිතය ප්‍රචලිත කිරීමේ වැඩසටහනක් මහනුවර නගරයේදී ඊයේ (22) ආරම්භ විය.
ආර්ථික අර්බුදයෙන් ඇතිවූ අහිතකර ප්‍රතිඵල හේතුවෙන් ළමුන්ගේ අධ්‍යාපනය කෙරෙහි සැළකිය යුතු සෘණාත්මක බලපෑමක් සිදු වී ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මඟින් සිදු කරන ලද “Household Survey on Impact of Economic Crisis – 2023” දත්ත සමීක්ෂණ අනුව අනාවරණය වී තිබේ.
උත්සව සමය නිමිත්තෙන් විශේෂ බස් රථ සේවාවක් හෙට (24) සිට ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පියවර ගෙන ඇත.
මින් පෙර ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී සිදුවූ දේශපාලන බලපෑම් වත්මන් රජය යටතේ සිදුනොවන බැවින් ගංවතුර පාලනය කිරීම සඳහා වූ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ඊට අවශ්‍ය නිසි පියවර ගැනීමට නිලධාරීන්ට අවකාශය ඇති බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍යය එරංග ගුණසේකර පැවසීය.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් 2024 වසරේ 'වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා' සම්මානය සඳහා ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග සහ කුසල් මෙන්ඩිස් නිර්දේශ කර ඇති බව වාර්තා වෙයි.
මහජනයා ඇතර පාපාදි භාවිතය ප්‍රචලිත කිරීමේ වැඩසටහනක් මහනුවර නගරයේදී ඊයේ (22) ආරම්භ විය.
පසුගිය දින 10ක කාලය තුළ දිවයින පුරා සහල් වැටලීම් 578ක් සිදුකර ඇති බව පාරිභෝගික අධිකාරිය පවසයි.
වනඅලි ගම්වැදීම පාලනය කිරීමට අනුරාධපුර , මහවිලච්චිය කොට්ඨාශයේ ග්‍රාම නිලධාරි වසම් කිහිපයක මුර කුටි 12ක් ඉදිකිරිමට පියවර ගෙන තිබේ.
"රටක වටිනාම වස්තුව එහි පුරවැසියන් වන අතර, ඔවුන් ආරක්‍ෂා කිරීම ඔබගේ ප්‍රථම සහ ප්‍රමුඛතම වගකීමයි. මෙම වගකීම ඔබගේ මනසෙහි ගැඹුරින් කාවැදී තිබිය යුතු අතරම ඔවුන්ගේ ජීවිත සුරක්‍ෂිත කිරීම ඔබගේ මූලික වගකීමයි" නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය, මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික), දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ දී පසුගියදා(21) පැවති විසිරයාමේ පෙළපාලියේදී නව අධිකාරි ලත් නිලධාරින් අමතමින් ප්‍රකාශ කළේය.
ඉකුත්දා අවසන් වූ පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ කලින් ප්‍රශ්න තුනක් පිටවූ බව කියන පළමු ප්‍රශ්න පත්‍රය සඳහා යළි විභාගයක් පවත්වන ලෙස නියෝග නිකුත් කරන්නැයි ඉල්ලා එම විභාගයට ඉදිරිපත් වූ සිසු සිසුවියන් සහ ඔවුන්ගේ දෙමව්පියන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් පිළිබඳ විභාගය අද (17) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ යළි ආරම්භ විය.
ප්‍රධාන ධාරාවන් කිහිපයක් පිළිබදව අවධානය යොමු කර සුදුසුම සංවර්ධන සැළැස්ම ක්‍රියාත්මක කරමින් මාළඹේ වෛද්‍ය නෙවිල් ප්‍රනානදු රෝහල රටට අතිශය ඵලදායී රෝහලක් ලෙස කඩිනමින් සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කළේය.
ලංකාවේ ප්‍රථම වරට සෞඛ්‍යා අංශය සඳහා විදුලි ත්‍රීරෝද රථ ලබාදීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරමින් බදුල්ල දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍යය නිලධාරී කාර්යාල 16ක් සඳහා විදුලි ත්‍රීරෝද රථ පිරිනැමීමේ වැඩසටහනක් වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ සහභාගිත්වයෙන් පසුගිය දා බදුල්ලේ දී සිදු කෙරිණි.
දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය ප්‍රධාන ධාරාවන් 03 ක් යටතේ සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වන බවත්, එම ක්ෂේත්‍රයේ ද දායකත්වයෙන් සංචාරක ව්‍යාපාරයෙන් ඩොලර් මිලියන 8500 ක ආදායම් ඉපයීමේ ඉලක්කයක් අපේක්ෂා කරන බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු 27වන සිකුරාදා සිදුකිරීමට නියමිත බවත්.අවසන් කටයුතු 27වන සිකුරාදා බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරෙන බවත් වාර්තා වෙයි.
මොළයේ සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරිම සදහා ලොව ප්‍රථම වරට මහජනතාව දැනුවත් කිරීමේ අරමුණින් විශේෂ පුහුණුව ලත් 100 දෙනෙකුගෙන් යුත් සන්නාම තානාපතිවරුන් හෙවත් ජනතාව දැනුවත් කිරීමේ කණ්ඩායමක් ස්වේච්ඡා සේවය සදහා යොමු කරවීම ඊයේ (19) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් රත්මලාන ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ දී සිදුකෙරිනි.
ජනාධිපති ලේකම් කාර්යාලයේ මූල්‍ය ප්‍රතිපාදන මත, නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය සහ නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය මඟින් නිපදවන ලද ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු යන්ත්‍ර 31 ක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ස්ථාන 31 ක ස්ථාපනය කිරීමේ විශේෂ ව්‍යාපෘතිය යටතේ, කැකිරාව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ උඩුගම කොළනිය, කුඩා කැකිරාව, කසාගල පුරාණ රජමහා විහාර භූමිය, ඉහළ පුලියන්කුලම සහ ඉපලෝගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් හපදියාගම හා තිලකපුර යන ප්‍රදේශවල ස්ථාපනය කරන ලද ජල පිරිපහදු මධ්‍යස්ථාන හයක් (06) ජනතා අයිතියට පත් කිරීම, 2024 දෙසැම්බර් මස 11 වැනි දින සිදු කෙරිණි.
සාමයේ හා සහජීවනයේ අසිරිමත් පණිවිඩය ලොවට ගෙන ආ කිතු සමිඳාණන්ගේ උපත සිහිපත් කෙරෙන අසිරිමත් නත්තල් දිනය අදට (25) යෙදී තිබේ.
නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රන්පත්විල මහ විදුහලෙහි ස්ථාපනය කළ ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය පසුගියදා ජනතා අයිතියට පත් කෙරිණි.
නිරෝෂන් දික්වැල්ලට වහාම ක්‍රියාත්මක වන පරිදි සියලු ආකෘතීන්හි ක්‍රිකට් ක්‍රීඩා කිරීමට නැවත අවසර ලබා දී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
Page 36 of 725
