Monday, January 19, 2026
Follow Us
Lanka Ride පාපැදි සවාරිය සාර්ථකව අවසන් වෙයි
Lanka Ride පාපැදි සවාරිය ඊයේ (18දා) කොළඹ ටොරින්ටන් චතුරස්රයේ දී අවසන් විය. තරුණ කටයුතු සහ ක්රීඩා අමාත්ය සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්රධානත්වයෙන් සමාප්ති උත්සවය පැවැත්විණි.

 

එම අවස්ථාවට තරුණ කටයුතු නියෝජ්ය අමාත්ය දිනිඳු සමන් හෙන්නායක මහතා , ආරක්ෂක නියෝජ්ය අමාත්ය අරුණ ජයසේකර, තරුණ කටයුතු හා ක්රීඩා අමාත්යාංශයේ ලේකම් අරුණ බණ්ඩාර මහතා , කොළඹ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී දේවානන්ද සුරවීර, කොළඹ නගරාධිපතිනි ව්රායි කැලී බල්තසාර්, ක්රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල් එස්. අච්චුදන් මහතා ඇතුළු තරුණ කටයුතු සහ ක්රීඩා අමාත්යාංශයේ නිලධාරීන් එක්ව සිටියහ.
 
පළාත් පහක් ආවරණය කරමින්,
කිලෝමීටර් 450කට ආසන්න දුරක් ධාවනය කරමින් පාපැදි සවාරිය පැවැත් විය. පාපැදි සවාරියේ සඳහා කණ්ඩායම් 27ක් එක්ව සිටියහ.
වසර 21 කට Lanka Ride පාපැදි සවාරිය නව ක්රීඩා සංස්කෘතියකට ප්රවේශයක් බව තරුණ කටයුතු සහ ක්රීඩා අමාත්ය සුනිල් කුමාර ගමගේ මහතා පැවසීය.
ලංකාවේ ක්රීඩාව දියුණු කළ හැකි බවට වූ අපේක්ෂාව මේ තුළ ඇති බවත්, තරඟය සඳහා ජනතාවගෙන් විශාල සහයෝගයක් හිමි වූ බවත් අමාත්යවරයා ප්රකාශ කළේය.
ලංකාවේ පාපැදි ක්රීඩාව නැවත වරක් ඉහළටම ඔසවා, ජාත්යන්තරය දක්වා රැගෙන යන බවත් ,
ලක්ෂ 41කට වැඩි මුදල් ත්යාග ලබාදීමට හැකියාව ලැබුණු බවත් අමාත්යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ඊයේ දිනයේ තරඟය අවසානයේදී ප්රථමයෙන්ම තුන්වන අදියරයේ ජයග්රහකයින් සඳහා ත්යාග ලබාදීම සිදු කෙරුණි.
ඒ අනුව,
*පස්වන ස්ථානය යුද හමුදා කණ්ඩායමේ එච්. ඒ. එම් පෙරේරා මහතා
*සිව්වන ස්ථානය දෙහිවල ගල්කිස්ස ක්රීඩා සමාජයේ ගිහාන් ලක්මාල් මහතා
*තුන්වන ස්ථානය ගුවන් හමුදා කණ්ඩායමේ දිල්ශාන් තරුෂ මහතා
*දෙවන ස්ථානය සුපර් ස්පීඩ් ක්රීඩා සමාජයේ ප්රවීන් සදෙරු මහතා
*ප්රථම ස්ථානය යුද හමුදා කණ්ඩායමේ ආර්. ටී. එස් දයානන්ද මහතා දිනාගත්තේය.
තරඟාවලියේ හොඳම 25 දෙනා සඳහා තෑගි ලබාදීම ඉන්පසු සිදු කෙරුණි.