වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් සෞඛ්‍ය සේවයට අයත් ශ්‍රේණි කිහිපයක සේවකයන් අද පෙරවරුවේ සිට වර්ජනයක නිරතවෙමින් සිටී. අත්‍යවශ්‍ය සේවා සහිත රෝහල් 10 ක හැර සෙසු රෝහල් සියල්ල තුළම මෙම වර්ජනය ක්‍රියාත්මක වේ.
දුම්මලසූරිය, යගම්වෙල ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියක සිදුවූ ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් හලාවත කොට්ඨාශ භාර නිලධාරියාගේ අධීක්ෂණය යටතේ විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
පානීය ජල බෝතල් සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත් කිරීමෙන් පසු නව මිල ගණන් ප්‍රකාශයට පත්කර තිබේ.
Entrepreneur and cosmetologist Chandimal Jayasinghe has sent a letter of demand claiming Rs.200 million as damages from Pushpika de Silva for allegedly making a defamatory statement regarding him in an interview with a YouTube channel.
සබරගමුව පළාතේත්, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ඉක්මවූ තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ත්‍රීපෝෂ අපනයනය කිරීම සඳහා මේවනවිට කටයුතු සූදානම් කරමින් ඇතැයි ත්‍රීපෝෂ සමාගම පවසනවා. ත්‍රීපෝෂ අපනයනය කිරීම හරහා මෙරටට වැඩි විදේශ විනිමයක් ලබාගත හැකි බවයි එම සමාගමේ සභාපති දීප්ති කුලරත්න කියා සිටියේ.
මෙරට කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 21,720 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ඒ, ඊයේ දිනයේ හඳුනා ගැණුනු කොරෝනා ආසාදිතයින් 1,331 දෙනා ද සමඟයි.
මෙරටින් වාර්තාවන දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව තවදුරටත් ඉහල ගොස් තිබෙනවා. ඒ අනුව ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් 1,243ක් මෙරටින් හදුනා ගැණුනු බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ. ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ථ කොරෝනා ආසාදි‘තයින් සංඛ්‍යාව හය ලක්ෂ 15,902ක්.
Page 310 of 764