මේ වනවිට පවතින ඖෂධ හිගය තවත් මාස 03 ක් පමණ පවතිනු ඇති බවට සෞඛ්ය ක්ෂේත්රයේ ප්රවීණයින් පවසනවා. ඊට හේතුවී ඇත්තේ ඖෂධ ලබාගැනීම සඳහා නියමිත කාලයේදී ණයවර ලිපි විවෘත නොකිරීමයි. මාස කිහිපයක් ප්රමාද වී තිබූ ණයවර ලිපි රැසක් විවෘත කළේ ද මෑතකදී බවයි සෞඛ්ය අමාත්යංශය පැවසුවේ.
අද මධ්යම රාත්රියේ සිට ක්රියාත්මක වන පරිදී කිලෝග්රෑම් 12.5 බරින් යුත් ලිට්රෝ ගෑස් සිලින්ඩරයක් රු.2185කින් මිල ඉහළ දැමේ.
රට පුරා පැවැත්වෙන ජන අරගල සදහා සහාය දක්වමින් අද මධ්යම රාත්රියේ සිට පැය 24 ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කරන බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය පවසනවා.
ගෑස් මිල ඉහළ දැමීම හමුවේ තේ කෝප්පයක මෙන්ම සියළු පිසූ ආහාරවල මිල ගණන්ද ඉහළ දැමීමට සිදුවන බව සමස්ථ ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා. ඉකුත් සතියේද බත් පාර්සලයක සහ කොත්තුවක මිල සියයට විස්සකින් ඉහළ දැමීමට සමස්ථ ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පියවර ගත්තා. ඒ, ඉන්ධන මිල ගණන් ඉහළ යාම හමුවේයි.
ඊයේ (25) රාත්රියේදී කොළඹ, අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාකරුවන් උද්ඝෝෂණයේ නියැළී සිටියදී එම ස්ථානයට පොලිස් කැරළි මර්දන ඒකකයේ විශාල පිරිසක් එවා ඇති බව වාර්තා වේ.
ජනතාව පෙළමින් අත්තනෝමතිකව ගෙන යන වැඩපිළිවෙලට එරෙහිව අද දින ගුරු විදුහල්පතිවරු ඒකාබද්ධව අසනීප නිවාඩු දමා වැඩ වර්ජනයේ නිරත වන අතර වහාම මේ තත්ත්වය රජය තේරුම් ගත යුතුව ඇති බව ගුරු විදුහල්පති ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය වෙනුවෙන් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා (24) මාධ්ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.
Page 285 of 769