අරගලයේ නිරත පිරිස අරලියගහ මන්දිරයට කැදවීම නොව සිදුකළ යුත්තේ ආණ්ඩුව අරගලකරුවන් වෙත යාම බව ප්රියනාත් ජයසූරිය පවසනවා.
ශ්රී ලංකා මීටර් 400 කඩුලු මතින් දිවීමේ ශූරී කෞෂල්යා මධුෂානි (25) දුම්මලසූරිය ප්රදේශයේ පිහිටි සිය නිවසේදී සියදිවි හානිකරගෙන ඇතැයි පොලිසිය සඳහන් කර සිටිනවා.
තවදුරටත් පවතින පොහොර අර්බුදය හේතුවෙන් යල කන්නයේ වී වගාවට ද බාධා එල්ල වී ඇතැයි ගොවීන් චෝදනා කරනවා. පොහොර නොමැතිවීම මෙන්ම ඉන්ධන මිල සහ ට්රැක්ටර් ගාස්තු ඉහළ යාම ඇතුලු ගැටලු කිහිපයක් හේතුවෙන් ගොවි ජනතාව මේවනවිටත් යල කන්නයේ වගාකර ගත නොහැකිව දැඩි පීඩාවට පත්ව සිටින බවයි සමස්ථ ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න පැවසුවේ.
හිගවූ අත්යවශ්ය ඖෂධ ලබාගැනීම සඳහා සහය දැක්වීමට සති දෙකක් තුළ විදෙස්ගත ශ්රී ලාංකිකයින් දහසකට අධික පිරිසක් එක්ව සිටින බව සෞඛ්ය අමාත්යංශය පවසනවා. මෙරට ඖෂධ හිගය අවසන්වීමට තවත් මාස 03 ක් පමණ ගතවනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.
දැන් හෝ නිවැරදි තීරණ නොගතහොත් පවතින මූල්ය අර්බුදයේ බලපෑම තවත් වසර 10 ත් 15 ත් අතර කාලයක් මෙරට ජනතාවට අත්විඳීමට සිදුවනු ඇතැයි හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ පවසනවා. ඒ, නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින්.
Page 286 of 769