කතරගම දේවාලයේ මද්දු නැමති අලියා සිදුකළ පහරදීමකින් ඔහුට රැකවරණය ලබාදුන් ඇත්ගොව්වා බරපතල තුවාල ලබා තිබෙනවා. දේවාල භූමියේ අලිවාඩිය සීමාවේදී මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ 52 හැවිරිදි කතරගම ගෝතමීගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.
රටේ පවතින ඉන්ධන සහ ගැස් අර්බුදය හේතුවෙන් එළවලු වෙලදාම සියයට 40 කින් පහල බැස ඇති බව සමස්ථ ලංකා ආර්ථික මධ්‍යස්ථාන එකමුතුව පවසනවා.
විදුලිය, ඉන්ධන මෙන්ම ගෑස් ද මේ වන විට මෙරට ජන ජීවිතයට දැඩි බලපෑමක් එල්ල කරමින් තිබෙනවා. ඒ, දින කිහිපයක සිට රට පුරා පවතින ගෑස් හිඟය හේතුවෙන්. ගෑස් නොමැතිවීම හේතුවෙන් හෝටල්, ආපන ශාලා සහ බේකරි රැසක් මේ වන විට වැසී ගොස් තිබෙනවා.
අවශ්‍ය ඩීසල් ප්‍රමාණය ලබානොදුන හොත් පාසල් ළමුන් ප්‍රවාහනයෙන් ඉවත් වන බව සමස්ථ ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය පවසනවා. එම සංගමයේ සහාපති එල් මල්ශ්‍රී ද සිල්වා පැවසුවේ ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ හරහා ඩීසල් ලබාදෙන ලෙසට තමන් කළ ඉල්ලීමට ද බලධාරීන් මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැති බවයි.
නැදුන්ගමුවේ රාජා හස්තියා පිළිබඳ මේ වන විට මුලු රටම කතාබහ කරමින් සිටිනවා. ඒ, 2006 වසරේ සිට ශ්‍රී දළඳා මාලිගා පෙරහැරේ සධාතුක කරඬුව වැඩම කරවීමට තරම් භාග්‍යවන්ත වූ ආසියාවේ උසම හීලෑ දළ ඇතාගේ වියෝව හේතුවෙන්. මුලු මහත් ජාතියේම අසීමිත ගෞරවාදරයකට පාත්‍රවූ නැදුන්ගමුවේ රාජා හස්තියා අනාගත පරපුරට දැකගැනීම සඳහා සිරුර සංරක්ෂණය කිරීමටයි තීරණය කර ඇත්තේ. ඒ, නැදුන්ගමුවේ රාජා හස්තියා ජාතික වස්තුවක් ලෙස නම් කරමින්.
තමන්ටද ඉන්ධන ලබා ගැනීමට පහසු ක්‍රමවේදයක් සලසා දෙන්නැයි වෛද්‍යවරුන් රජයෙන් ඉල්ලීමක් කරනවා. සමස්ථ ලංකා වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ උපසභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර පැවසුවේ ඉන්ධන ලබා ගැනීමේදී වෛද්‍යවරුන්ටද දිගු වේලාවක් පෝළිම්වල රැදී සිටීමට සිදුව ඇති බවයි.
Page 284 of 749