Monday, March 09, 2026
Follow Us
බස් ධාවනය නවතින ලකුණු

බස් හිමියෝ අමාරුවේ වැටෙයි


බස් රථ සඳහා අවශ්‍ය අමතර කොටස් නොමැතිවීමෙන් බස්රථ ධාවනය කිරීමට නොහැකි තත්තවයක් උද්ගතව ඇතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කොළඹදී අද (25) පැවසීය.

ටයර්, බැටරි, බේක් ලයිනර් ඇතුලු බස් රථ අමතර කොටස් නොමැතිවීමෙන් බස් රථ විශාල ප්‍රමාණයක් මේ වනවිට ධාවනයෙන් ඉවත්ව ඇතැයිද ඔහු සඳහන් කරයි.

මෙම තත්වයට වහාම විසදුමක් ලබාදීමට රජය අපොහොසත් වුවහොත් ලබන සතියේ සිට සියලුම පෞද්ගලික බස්රථ ධාවනයෙන් ඉවත්කිරීමට පියවර ගන්නා බව ඔහු වැඩිදුරටත් පැවසීය.

(Aruna)