රඹුක්කන ප්‍රදේශයේ පෙරේදා (19) පැවති මහජන උද්ඝෝෂණයකට පොලිසිය වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව නඩු කටයුත්ත ඊයේ ආරම්භ කෙරුණු අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් මුලින්ම අධිකරණයට ඉදිරිපත් කර තිබුණු AR වාර්තාව භාරගැනීම මහේස්ත්‍රාත්වරිය විසින් ප්‍රතික්ෂේප කර තිබිණි.
ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා අද (20) උදෑසන කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පැවති රැස්වීමක් සඳහා සහභාගී වී තිබුණු අතර හිටපු ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා මේ පිළිබඳව අද පාර්ලිමේන්තුවේදී ද ප්‍රශ්න කර තිබිණි.
2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා දිනයේදී කතෝලික පල්ලි, සංචාරක හෝටල් ඇතුළු ස්ථාන 8කදී එල්ල කෙරුණු බෝම්බ ප්‍රහාර මාලාවට අදට වසර 3ක් සපිරේ.
රඹුක්කන විරෝධතාවයේ නිරත පිරිස පොලීසිය විසින් වෙඩි තැබීම හෙළා දකින බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. තරාතිරම නොබලා සිද්ධියට සම්බන්ධ පුද්ගලයන්ට දඩුවම් ලබාදෙන ලෙස අදාළ බලධාරීන්ගෙන් සහ රජයෙන් ඉල්ලා සිටින බවයි අගරදගුරුතුමන් 20 පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ.
ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ඉවත් වන ලෙස බල කරමින් ගාලුමුවදොරදී පැවැත්වෙන විරෝධතාව අද 12 වන දිනටත් ක්‍රියාත්මක වනවා. රඹුක්කන සිද්ධියේදී මියගිය පුද්ගලයා සිහි කරමින් ගාලුමුවදොර විරෝධතාවට ඊයේ රාත්‍රියේ එක්ව සිටි පිරිස ජංගම දුරකතනවල විදුලි ආලෝක දල්වා ඔහු සිහිපත් කිරීමටද කටයුතු කළා.
මුව ආවරණ පැළඳීම සම්බන්ධයෙන් වන රෙගුලාසි ලිහිල් කිරීමට ගෙන ඇති තීරණය ඉවත් කර ගන්නා ලෙස විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටිනවා. එම සංගමය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ එම තීරණය “පෙරට ගත් අඩිය පසුපසට ගැනීමක්” බවයි.
Page 283 of 764