ඉදිරි යල කන්නය සඳහා චීන කාබනික පොහොර යළි මෙරටට ගෙන එන බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ පවසනවා. මෙලෙස මෙරටට රැගෙන ඒමට නියමිතව ඇත්තේ ද ඉකුත් වර ලෝකයේම දැඩි ආන්දෝලනයට තුඩුදුන් කාබනික පොහොර තොගය ආනයනය කළ සමාගමෙන්මයි.
නිට්ටඹුව හොරගොල්ල ඉන්ධන පිරවුම්හලක් අසලදී තියුණු ආයුධයකින් පහර දී තරුණයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ත්‍රිරෝද රථ රියදුරා අත්අඩංගුවට ගෙන තිබෙනවා. නිට්ටඹුව පොලීසිය පවසන්නේ අද අළුයම සැකකරු අත්අඩංගුවට ගත් බවයි.
අද මධ්‍යම රාත්‍රියේ සිට කිරි තේ කෝප්පයක මිල රුපියල් 100ක් දක්වා ඉහළ දැමීමට ආපනශාලා හිමියන් තීරණය කර තිබෙනවා. ඒ කිරිපිටි මිල ඉහළ දැමීමට කිරිපිටි සමාගම් තීරණය කිරීමත් සමගයි.
මහ පාරේ තෙල් පෝලිම්ය. කඩ ඉදිරිපිට කිරිපිටි පෝලිම්ය, ගෑස් පෝලිම්ය, හාල්, සීනි පෝලිම්ද තිබුණේය. සිමෙන්ති ගන්නත් පෝලිම්ය. රටේ කොයි තැන බැලුවත් කුමක් හෝ පෝලිමකි. මේ පෝලිම් රැල්ලට ඊළඟට එක්වනු ඇත්තේ බාර් පෝලිම බවට ලකුණු දැනටමත් පහළ වෙමින් තිබේ.
නිට්ටඹුව, හොරගොල්ල ඉන්ධන හල අසලදී ඉන්ධන ලබා ගැනීමට පැමිණි යතුරුපැදි කරුවෙකු හා ත්‍රිරෝද රථ රියැදුරෙකු අතර ඇතිවූ ආරවුලක් හේතුවෙන් මනුෂ්‍ය ඝාතනයක් සිදුව තිබෙනවා.
ලිට්‍රෝ සමාගම සතුව පවතින ගෑස් තොග අද දිනයෙන් අවසන් වනවා. ඒ අනුව මේවනවිට මුහුදේ නැංගුරම් ලා ඇති නෞකාවේ ඇති ගෑස් තොග අද දිනය තුලදී නිදහස් කර ගැනීමට නොහැකි වුවහොත් හෙට සිට යළිත් ගෑස් හිගයක් ඇති වන බවයි ලිට්‍රෝ සමාගමේ ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත පැවසුවේ.
Page 272 of 742