රට තුළ මතුවූ කඩදාසි හිඟය තවදුරටත් උත්සන්නවී තිබෙනවා. ඒ, පවතින ඩොලර් හිඟය හේතුවෙන් කඩදාසි ආනයනය අතිශය සීමා සහිත වීමත් සමඟයි. නෙත් නිවුස් කළ වෙළඳපොල සංචාරයකදී දැකගත හැකිවූයේ වෙළඳපොලේ කඩදාසි තොග ඉතා අවම මට්ටමක පවතින බවයි.
The Education Ministry will conduct the 2021 (2022) GCE Ordinary Level (O/L) Examination from May 23 to June 1, 2022, Education Ministry Secretary Prof. Kapila Perera said.
කඩවත ප්‍රදේශයේදී නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු කළ වෙඩි තැබීමකින් යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.
කෙරවලපිටිය පර්යන්තයේ ප්‍රමාණවත් ගෑස් සංචිත තියෙනවා
මෙරටට මේ වනවිට ප්‍රමාණවත් ගෘහස්ත ගෑස් සංචිතයක් කෙරවලපිටිය පර්යන්තය සතුව පවතින බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා පැවසුවේ ඉදිරි දින 10 ඇතුළත ගෘහස්ත ගෑස් සිලින්ඩරය මිලියනයක ප්‍රමාණයක් බෙදාහැරීම සිදුකෙරෙන බවයි.
මේ අතර සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද අවසන් වන තුරු ලිට්‍රෝ ගෑස් මිල වැඩි නොකිරීමට එම සමාගම ඊයේ(22) තීරණය කර ඇත.
ලිට්‍රෝ ගෑස් සමාගම ඊයේ පැවැත් වූ සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇති අතර ගෘහස්ථ ගෑස් සිලින්ඩරයකින් රුපියල් 1500ක පමණ පාඩුවක් ලබන බව මෙහි දී සාකච්ඡා වී තිබේ. එළැඹෙන සෙනසුරාදා (26) වන විට වෙළෙඳපොළේ පවතින ගෑස් හිඟය අවසන් වන බවද ලිට්‍රෝ ගෑස් සමාගම ප්‍රකාශ කරයි.
(Aruna)
සත්ත්ව නිෂ්පාදන අමුද්‍රව්‍යවල හිගය බිත්තර සහ කුකුළු මස් මිල ඉහළ යාමට බලපා ඇති බව සමස්ථ ලංකා කුකුල් ව්‍යාපාරිකයේනගේ සංගමය පවසනවා. එහි සභාපති අජිත් ගුණසේකර පැවසුවේ එම කර්මාන්තය සඳහා අවශ්‍ය අමුදව්‍ය හිගය තවදුරටත් පැවතිය හොත් වෙලඳපල ඉල්ලුමට සරිලන පරිදි බිත්තර සහ කුකුළු මස් සැපයිමට ඉදිරියේදී නොහැකි වනු ඇති බවයි.
වඳ සැත්කම් සිදුකළ බවට අසත්‍ය චෝදනා එල්ල කරමින් වැඩ තහනමට ලක් වූ තමාගේ, වැඩ තහනම් කළ කාලසීමාවට අදාල හිග වැටුප් ලබාදෙන්නැයි නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය මොහමඩ් සාෆි මහතා ගොනුකර ඇති රීට් පෙත්සම අද අභියාචනාධිකරණය හමුවේ කැඳවා තිබිණි.
ඩොලර් නොමැතිවීම හේතුවෙන් මුදා ගැනීමට නොහැකිව වරායේ ගොඩ ගැසී ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු බහාලුම් මුදා ගැනීම සම්බන්ධයෙන් ගැටලුවක් මතුව තිබෙනවා.
රට මුහුණ පා සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීම සඳහා ආගමික සිද්ධස්ථාන සතු ධනය මහා භාණ්ඩාගරයට භාරදිය යුතු බවට රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ඕමල්පේ සෝභිත හිමියන් යෝජනා කරයි.
Page 271 of 742