ප්‍රදේශ රැසකට අද දිනයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලටත් එළෙස වැසි ඇති විය හැකියි.
ජුනි 09 සහ 10 යන දිනවල පැවති විරෝධතා උද්ඝෝෂණ දෙකක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි 07 දෙනා අතරින් ජගත් මනුවර්ණ, ජෙහාන් අප්පුහාමි, එරංග ගුණසේකර සහ ධම්මික මුණසිංහ යන සිව්දෙනා ඇප මත නිදහස් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (24) නියෝග කර තිබේ.
ප්‍රමාණවත් ඉන්ධන තොග නොලැබීම හේතුවෙන් ඉන්ධන ප්‍රවාහනය මේවනවිට හතරෙන් තුනකින් අඩුවී ඇතැයි ටැංකි රථ රියදුරන් පවසනවා. ඔවුන් කියා සිටියේ සාමාන්‍ය දිනකදී ඉන්ධන බවුසර් 400 ත් 450 ත් අතර සංඛ්‍යාවක් ඉන්ධන බෙදාහැරීමට එක්වන බවයි. එහෙත් මේවනවිට ඉන්ධන බෙදාහැරීමට එක්ව සිටින්නේ බවුසර් රථ 100 ත් 150 ත් අතර සංඛ්‍යාවක් බවයි සමස්ථ ලංකා පෞද්ගලික ටැංකි රථ රියදුරන්ගේ සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා පැවසුවේ.
Page 252 of 764