Wednesday, March 11, 2026
Follow Us
ලිට්‍රෝ ගෑස් බෙදා හැරීම ජූලි 07 වනදා සිට

මෙරටට පැමිණෙන පළමු ගෑස් තොගය බෙදාහැරීම ලබන 07 වනදා සිට ආරම්භ කිරීමට නව වැඩපිළිවෙළක් සකසා ඇතැයි ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. එහි සභාපති මුදිත පීරිස් පැවසුවේ මෙට්ට්‍රික් ටොන් ලක්ෂයක ගෑස් තොගයෙන් මෙට්ට්‍රික් ටොන් 30,000 ක පළමු කොටසෙන් මෙටි්‍රක් ටොන් 3,700 ක් ලබන 05 වනදා මෙරටට ලගාවීමට නියමිත බවයි.

මෙවර ගෑස් බෙදාහැරීමේදී රටට විදේශ විනිමය ගෙන එන ආයතන කෙරෙහි ද විශේෂ ප්‍රමුඛතාවක් ලබාදෙන බව මෙහිදී ප්‍රකාශ කෙරුණා.

මේ අතර ලාෆ් ගෑස් සමාගම පැවසුවේ පාරිභෝගිකයින්ට කඩිනමින් ගෑස් ලබාදීම සඳහා තම බෙදාහැරීමේ මෙහෙයුම් පුළුල් කර ඇති බවයි.

Neth